ශ්‍රී ලංකා ගුවන් හමුදා අත්පන්දු කණ්ඩායම අවසාන මහ තරඟයට සුදුසුකම් ලබයි
3:43pm on Friday 6th May 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා 'කාන්තා' අත්පන්දු කණ්ඩායම ' ජාතික සුපර් ලීග් අත්පන්දු ශූරතා' තරඟාවලියේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

අවසාන මහා තරඟය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මැයි මස 07 වන දින පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට ඇත. ගුවන් හමුදා 'පිරිමි' අත්පන්දු කණ්ඩායම මෙම තරඟාවලියේ සිව්වන ස්ථානය හිමි කර ගැනීමට සමත්විය.

මෙම ශූරතා තරඟාවලියේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා පොලීසිය, නාවික හමුදාව හා වරාය අධිකාරිය යනාදී කණ්ඩායම් පරාජයට පත්කොට මෙම අවසන් මහා තරඟයට පැමිණ තිබීම විශේෂත්වයකි. අවසන් තරඟයේදී විදේශ සේවානියුක්ති කාර්යංශය සමග තරඟ වැදීමට ගුවන් හමුදා කණ්ඩායම සුදානම්ව සිටි. මෙම තරඟය එදින 1300 පැයට පමණ ආරම්භ වීමට නියමිතව ඇත.

අවසාන මහා තරඟය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශන කිරීමට කටයුතු යොදා ඇත. 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි