මංචී ජාතික වොලිබෝල් ශූරතාවලියේ අනුශුරතාවය ගුවන් හමුදාවට
5:56pm on Sunday 8th May 2011
මංචී ජාතික සුපර් ලීග් කාන්තා අත්පන්දු ශූරතාවලිය ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පරදවා විදේශ කටයුතු අමාත්‍යංශ  පිල දිනා ගැනීමට  කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  අද දින සමත් විය.

ඉතා තියුණු මුහුණුවරකින් දෙපිලෙහිම ක්‍රීඩිකාවන් තරග වැදුනු අතර පළමු භාගය අවසන් වන විට 25/21 ලෙස  ජය වාර්තා කරමින් ගුවන් හමුදා කණ්ඩායම පළමු අදියරේ ඉදිරියෙන් පසුවිය.

ගුවන් හමුදා කන්ණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් ලකුණු තත්වය 25/17 ලෙස ලබා ගනිමින් දෙවන වටයේ ජය හිමිකර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශ ක්‍රීඩිකාවන් සමත් විය.මේ අනුව  දෙපිලම එක් තරග වටය බැගින් ලබාගෙන සම තත්වයේ පසු වුවද තෙවන අදියරේ සිට ප්‍රහාරාත්මක ක්‍රීඩාවිලාසයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍යංශ ක්‍රීඩිකාවන් 25/21 හා 25/12 ලබා ගනිමින් තෙවන හා සිව්වන වටවල ජය තහවුරු කරමින් සමස්ත තරගාවලියේම කාන්තා අංශයේ ශුරතාවය දිනා ගැනීමට සම
ත් විය.

මෙම අවස්ථාව සදහා ජාතික වොලොබෝල් සම්මේලනයේ සභාපති හා විදේශ සේවා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, "තාරුණ්‍යට හෙටක්" නිර්මාතෘ නාමල් රජපක්ෂ,
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, විදේශ කටයුතු අමාත්‍යන්ශයේ උසස් නිලධාරින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි