05 වන ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය 04 වන සංවත්සරය සමරයි
12:02pm on Tuesday 31st May 2011
05 වන ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය තම සිව්වන  සංවත්සරය පසුගියදා කදවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.

කදවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේ වන්නිගම සහ රේඩාර් බළඝණයේ අණදෙන නිළධාරී ජේ.එම්.සි.ආර්. ජයසුන්දරගේ ප්‍රධනත්වයෙන් සැමරුම් කටයුතු ආරම්භ කරන ලදී.

පළමුවෙන්ම 23 වන දින පංසලේ පැවැත්වු ශ්‍රමදානයෙන් කටයුතු ආරන්භ කල අතර එදිනම සංවත්සරය වෙනුවෙන් පල සිටුවීමක්ද සිදු කරන ලදී.

තවද බළඝණයේ සියළුදෙනාගේ සහභාගිත්වයෙන් සුහද අත්පංදු තරගයක් ද පවත්වන ලදී.
ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ කදවුරු අණදෙන නිළධාරීතුමා විසින් ත්‍යාග ප්‍රධානය සිදු කරන ලදී.

කදවුරු සියළු නිලයන්ගේ සහභාගීත්වයෙන් පැවති සුවද හමුවකින් සංවත්සර කටයුතු අවසාන කරන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි