විජයග්‍රහණයේ දෙවර්ෂ පුර්ණය අභිමානවත්ව සමරයි
12:13pm on Tuesday 31st May 2011
විජයග්‍රහණයේ දෙවර්ෂ පුර්ණ සැමරුම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 27 වන දින ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සැමරීය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ධජය ඔසවා උත්සවයේ සමාරම්භය සනිටුහන් කළේය. විජයග්‍රහණ පෙලපාළිය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර විජයග්‍රහණ පෙලපාළිය සඳහා නිලධාරින් 760 ක්, සෙසු නිලයන් 8760 ක් සහභාගී වූහ.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න, ගරු කථානයක චමල් රාජපක්ෂ, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන්, මැති ඇමතිවරු, විදේශ තානාපතිවරු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක, හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම , නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක, පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශයේ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


පින්තුර සදහා

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි