මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 03 විවෘත කරයි
8:57am on Wednesday 29th June 2011
මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි මානසික රෝහලේ වාට්ටු අංක 03 අළුත්වැඩියා කර නැවත විවෘත කිරීමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි 21වනදා මානසික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් 1985 වර්ෂයේ සිට පවත්වාගෙන එනු ලබන මෙම අංක 03 කාන්තා මානසික වාට්ටුවේ අළුත්වැඩියාව හා එහි සිටින රෝගීන් හට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයයන් ලබා දීම, විනෝද උත්සවයන් හා විශේෂ ආහාර ලබා දීම නිරතුරුවම මෙහිදී සිදු විම විශේෂ කරුණකි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මිය ඇතුළුව ඒකකයේ අනෙකුත් සමාජිකාවන්ද  මෙම උත්සවය සඳහා සහභාගි වූහ. තවද වාට්ටුව තුළ ගුවන් හමුදාවේ විශේෂ සංගීත සංදර්ශනයක්ද පවත්වන ලදී.

එසේම මනෝචිකිත්සක උපදේශක වෛද්‍ය පුෂ්පා රූපසිංහ සහ මානසික රෝහලේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය ජයාන් මෙන්ඩිස් ඇතුළු පිරිස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට හා සුභසාධන අංශයට ස්තූතිය පුද කරන ලදී. තවද මානසික රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි.  




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි