ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන හා ඇවිදීමේ තරඟය 2011
8:43am on Friday 5th August 2011
ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන හා ඇවිදීමේ තරඟය 2011 ජූලි මස 30වන දින ගුවන් හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙය විවිධ ඉසව් ගණනාවකින් සමන්විත වූ අතර, කිලෝමීටර පහකින් සමන්විත ධාවන තරඟය, කිලෝමීටර 2.5ක ධාවන තරඟය හා ගුවන් හමුදා පවුල්වල සමාජිකයින් වෙනුවෙන් කිලෝමීටර 2.5ක ඇවිදීමේ තරඟය වැනි කාණ්ඩ රැසකින් සමන්විත විය. විවිධ වයස් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික ප්‍රමාණයක් මෙම තරඟයට සහභාගී විය.

අවුරුදු 35ට අඩු මාර්ග ධාවන තරඟය අධ්‍යක්ෂ දන්ත සේවා එයාර් වයිස් මාර්ෂල් අශෝක අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් තුම්මුල්ල නිළධාරි නිවස්නය අසලින් ආරම්භ වී ගුවන් හමුදා කොළඹ කඳවුරේ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනය අසලින් නිමා විය.

ඇවිදීමේ තරඟය හා අවුරුදු 35ට වැඩි පිරිමි හා කාන්තා අංශයන්හි මාර්ග ධාවන තරඟය පරිපාලන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් රෝහිත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජේම්ස් පීරිස් මාවතේ බිෂොප් විද්‍යාලය අසලින් ආරම්භ විය. මෙම තරඟය කිලෝමීටර දෙකකින් සමන්විත විය.

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහභාගී විය. තවද මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරින්, සේවා පුද්ගලයින් ඇතුළු රැසක් සහභාගී විය. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි