ගුවන් විරුවන් සිහිකරමින් ශ්‍රී කයිලාසනාතර් ස්වාමී දේවස්ථානයේදී මෙහෙයක්
9:05am on Friday 5th August 2011
තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිහිකරමින් සහ සක්‍රිය සෙවයේ යෙදී සිටින රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට ආශිර්වාද කරමින් කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී කයිලාසනාතර් ස්වාමී  දේවස්ථානයේදී ගුවන් හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් අද (03) දින සිදු කරන ලදී.

මෙම ප්‍රධාන හින්දු දේව මෙහෙය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගී වු අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ ආර් ඒ රණසිංහ, සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා සහ සියළු කඳවුරු නියෝජනය කරමින් උසස් නිළධාරීන්, ගුවන් භටයින් ද මෙම අවස්ථාවට සහභාගීවිය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි