ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ගමන් ඇරඹුම් මධ්‍යස්ථානයක් කටුනායක කඳවුරේ...
12:33pm on Monday 12th September 2011
අභිනවයෙන් ඉදිකරන ලද ගුවන් හමුදා ගුවන් ගමන් ඇරඹුම් මධ්‍යස්ථානයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා විසින් විවෘත කරන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටා තිබුණු අංක 02 ප‍්‍රවාහන බලඝණය කටුනායක කඳවුරේ ස්ථාපිත කරන ලද අතර ඒ සමගම අරඹන ලද මෙම ගුවන් ගමන් ඇරඹුම් මධ්‍යස්ථානය මගින් හෙලිටුවර්ස් සේවාව හා අනුබද්ධිතව අභ්‍යන්තර ගුවන් ගමන් සේවා ලබා ගත හැක. මෙම අවස්ථාවට ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් රනිල් ගුගරුසිංහ මහාතා එසේම ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩළය ඇතුළු නිළධාරීහු රැුසක් සහභාගී වූහ.

මෙම මධ්‍යස්ථානයේ ප‍්‍රථම ගවන් ගමන් පහසුකම ලබා ගනු ලැබුවේ ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසිනි. එසේම ප‍්‍රවීන ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරක ටෝනි ගේ‍්‍රග් මහතා ද කටුනායක ගුවන් ගමන් ඇරඹුම් මධ්‍යස්ථානය හරහා ගුවන් ගමන් පහසුකම් ලබා ගන්නා ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි