පියාසර පුහුණු පක්ෂාංගය 60 වන සංවත්සරය සමරයි
9:31am on Monday 19th September 2011
අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය තම 60 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් 01වන දින
චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමියේදී සමරන ලදී.

1951 වසරේ සැප්තැම්බර් 01 දා පිහිට වූ පියසර පුහුණු පක්ෂාංගය පසුගිය දශක 6ක් පුරා ගුවන් හමුදාවට නියමුවන් පුහුණු කරදී විශාල සේවයක් සපයන ලදී.

ආරම්භයේදී චිප්මන්ක් ගුවන් යානා යොදා ගත් අතර මෙ වන විට C 150 සෙස්නා, පි ටී 6, කේ 8 භාවිතා කරමින් අති දක්ෂ ගුවන් නියමුවන් රාශියක් බිහි කර ඇත.

60 වන සංවත්සරය ආගමික හා සමාජයීය කටයුතු සිදු කරමින් සමරන ලදී. එහිදී කදවුර ආසන්නයේ ඇති රේවත ළමා නිවාසයේ දරුවන් හට පියසර පුහුණු පක්ෂාංගයේ සංචාරයක් ලබා
දුන් අතර ඔවුන්ට දිවා ආහාරයද එහිදී ලබාදෙන ලදී.

තවද ඇස් දන්දීමේ ලියාපදින්චි කිරීමක් සිදුවු අතර එයට 500ක් පමන සහභාගී වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

සංවත්සර දින වැඩ පෙළපාලියක් පැවැත්වූ අතර එහිදී තාක්ෂණිකවේදීන් 11ට කරන ලද සේවාව වෙනුවෙන් සහතික පත් ප්‍රදානයක්ද සිදු කරන ලදී. පසුව සියලුදෙනාගේම සහභාගීත්වයෙන් පැල සිටුවීමේ වැඩසටහනක් ද පැවැත්වින. තවද ලේ දන දීමේ වැඩසටහනක්ද මයට සමගාමීව පවත්වන ලදී.

මෙම සංවත්සර කටයුතු වලට වැඩ බලන පීධාධිපති ගෲප් කැප්ටන් ප්‍රසන්න රණසිංහ, අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයන් සහභාගී විය.







බෝදි පුජා




ළමා නිවාසය



ඇස් දන්දිම







airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි