2011 ලෝක ශූරතා බොක්සිං තරඟාවළිය සඳහා ගුවන් හමුදාවෙන් ක‍්‍රීඩකයෙක්
9:27am on Tuesday 4th October 2011
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඩක නුවන් ජයකොඩි, අසර්බායිජාන් හි බාකු නගරයේදී පැවැත්වෙන 2011 ලෝක ශූරතා බොක්සිං තරඟාවළිය සඳහා සහභාගී වීමට නියමිතය. මෙම තරඟාවළිය සඳහා මොහු සමග ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ක‍්‍රීඩකයින් දෙදෙනෙකුද සහභාගී වීමට නියමිය.

මෙවර ලෝක ශූරතා බොක්සිං තරඟාවළිය 2011 සැප්තැම්බර් මස 22 වන දින සිට ඔක්තෝම්බර් මස 10 වන දින දක්වා පැවැත්වෙයි. අන්තර්ජාතික ආධුනික බොක්සිං සම්මේලනය මගින් පවත්වනු ලබන මෙවර තරඟාවළියේ ජයග‍්‍රාහකයින් 2012 ඔලිම්පික් තරඟාවළිය සඳහා සුදුසුකම් ලබයි.

බලලත් නිළධාරී ආර්.එස්. කුමාරප්පෙරුම සහ සැරයන් දිසානායක ආර්.ටී. යන මහත්වරුන්  
බොක්සිං ක‍්‍රීඩක නුවන් ජයකොඩි ඇතුළු කණ්ඩායමේ පුහුණුකරුවන් වශයෙන් කටයුතු කරන
අතර කස්සප පෝල් මහතා සභාපති වශයෙන් කටයුතු කරනු ලබයි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි