2011 ශ්‍රී ලං: ගු:හ: අන්තර් ඒකක වෙඩිතැබීමේ තරඟාවලියේ ජය පලාලි හා බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කඳවුරු දිනා ගනී.
10:32am on Tuesday 4th October 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වෙඩි තැබීමේ තරඟාවලිය සැප්තැම්බර් 18 සිට 22 දක්වා අම්පාර ගුවන් හමුදා කඳවුරු වෙඩි පිටියේදී පැවැත්විනි. මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි හා බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුරු පිළිවෙලින් පිරිමි හා කාන්තා යන අංශයන්හි ජය ලබා ගන්නා ලදි. මෙම තරඟාවලිය සඳහා ගුවන් හමුදා කඳවුරු 17කින් තරඟකරුවන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වන ලදි.

පිරිමි වෙඩි තැබීමේ ශූරතාවලිය පලාලි ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම ලකුණු 15.91ක් ලබාගනිමින් දිනාගත් අතර එහි අනුශූරතාවය දිනාගන්නා ලද්දේ ලකුණු 13.19ක් ලබාගත්
මඩකලපුව ගුවන් හමුදා කඳවුරු කණ්ඩායමයි. තවද කාන්තා වෙඩි තැබීමේ ශූරතාවලිය ලකුණු 6.418ක් ලබාගත් බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කණ්ඩායම දිනාගත් අතර ලකුණු 4.074ක් ලබාගත් කටුනායක රෙජිමේන්තු කණ්ඩායමට හිමි වූයේ අනුශූරතාවයයි.

පලාලි ගුවන් හමුදා කඳවුරු කණ්ඩායමේ නායක ගුවන් භට ජයරත්න ඒ.පී.ජී.ආර්.පී සහ කටුනායක රෙජිමේන්තු කණ්ඩායමේ ගුවන් කාන්තා නිශ්ශංක එම්.ඒ.එම්.පී පිළිවෙලින්, පිරිමි හා කාන්තා අංශයන්හි හොඳම වෙඩික්කරුවා ලෙස තේරී පත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වෙඩි තැබීමේ තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක මෙහෙයුම් භූමි, එයාර් වයිස් මාර්ෂල් මොහාන් සොයිසා මහතා සහභාගී වූ අතර අධ්‍යක්ෂක පුහුණු හා ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තබන්නන්ගේ සංගමයේ සභාපති වන එයාර් වයිස් මාර්ෂල් කිෂාන් යහම්පත්, අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්ද මේ අවස්ථාව සඳහා සහභාගී විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි