අවිය පසෙකලා දළදා සමිදුන් අභියස ගුවන් හමුදාවෙන් ආමිස පූජාවක්
11:23am on Monday 24th October 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා 60 වන සංවත්සරයට සමගාමීව අද උදැසන දළදා සමිදුන් අභියස මල් පහන් පහන් පූජාවක් හා අමුතු මුල්තැන් පූජාව ගුවන් හමුදාධිපති නියෝජනය කරමින් ගුවන් හමුදා මාණ්ඩාලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් නුවර ශ්‍රී දළදා මාලිගයේදී පැවැත්වින.

අනතුරුව 60 නමකින් සමන්න්විත සංඝයා වහන්සේලා උදෙසා සංඝගත දක්ෂිනාවක් හා අටපිරිකර පූජාවක් ද පැවැත් වුනු අතර ඊයේ දිනයේදී ගිලන් පස පූජාවක්ද පැවැත් විනි.මෙය වාර්ෂිකව චාරීත්‍රානු කූලව පවත්වාගෙන යාමට ගුවන් හමුදාව අපේක්ෂා කරනු ඇත.

තවද, මේ අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති තුමන් නියෝජනය කරමින් ගුවන් හමුදා මාණ්ඩාලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුනතිලක,ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල, ගුවන් හමුදා ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් මොහාන් සොයිසා, ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් යහම්පත්, ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඩබ්.ඒ සිල්වා යන නිලධාරීන් සහභාගි වූ අතර, සියළුම කදවුරු නියෝජනය කරමින් නිලධාරීන් හා සෙසු නිලයන් ද මේ අවස්ථාවට එක් විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි