ගුවන් හමුදාපතිතුමාගේ කොළඹ කදවුරේ වාර්ෂික පරීක්ෂණය
1:52pm on Wednesday 2nd November 2011
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් පසුගියදා කොළඹ කදවුරේ සහ ගුවන් හමුදා මූලස්ථානයේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.

කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් විජිත ගුණරත්න විසින් ගුවන් හමුදාපති තුමාව ගුවන් හමුදා මූළස්ථානයට පිළිගත් අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සම්පත් ප්‍රියලාල් විසින් ආචාර පෙළපාලියක් පවත්වන ලදී. එහිදී නිළධාරීන් 4 දෙනෙක්, බළලත් නිලධරීන් 5 දෙනෙක් ඇතුලු 46 දෙනෙකු ගුවන් හමුදාපතිතුමා අතින් සිදු කල සේවය වෙනුවෙන් සම්මාන ලබා ගන්නා ලදී.

පරීක්ෂණය අතරතුරදී කොල්ලුපිටියේ සිට ගුවන් හමුදා මූලස්ථානයට රැගෙන ආ 'හෙලි ටුවර්ස්' නවතම ශාඛාව සහ ගුවන්පුර අලුතින් ඉදිකල පශු වෛද්‍ය සායනය විවෘත කිරීමද ගුවන් හමුදාපති තුමන් අතින් සිදුවිය.

ගුවන්පුර බලා පිටත් වීමට පෙර ගුවන් හමුදාපති තුමන් රැස්ව සිටි සේවා පුද්ගලයින් ඇමතූ අතර එහිදී කියා සිටියේ ඉතාමත් කැපවීමකින් යුතුව මෙම කදවුර පරීක්ෂණය සදහා සූදානම් කර ඇති බවය. සංවර්ධන කටයුතු රැසක් සිදු කර ඇති බවත් තව දුරටත් සියලු දෙනා එක්ව එම කටයුටු සිදු කරගෙන යන ලෙස පවසා සිටියේය.




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි