දියතලාව ගුවන් හමුදා කද්වුරේ 59 වන සංවත්සරය
2:00pm on Wednesday 2nd November 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලව කදවුර තම 59 වන සංවත්සරය පසුගිය ඔක්තෝබර් 14 වන දින සමරන ලදී.

ගුවන් හමුදාවට එක්වන පුද්ගලයින්ට මූලික පුහුණුව මෙහිදී ලබා දෙන බැවින් මෙම කදවුර ගුවන් හමුදාවේ තොටිල්ල ලෙස සලකනු ලබයි.

රාජකීය ලංකා ගුවන් හමුදාව යටතේ පහිනාංකයක් ලෙස මෙම කදවුර "ගැරිසන් නගරයේ" 1952 වසරේදී පුහුණු කදවුරක් ලෙස ආරම්භ කරන ලදී. ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ජේ. වී. පී. හොවාර්ඩ් පළමු අණදෙන නිළධාරී ලෙස කටයුතු කල අතර ගෲප් කැප්ටන් ජානක අමරසිංහ වර්තමාන අණදෙන නිළධාරී ලෙස කටයුතු සිදු කරයි.

මූලික භූමී සටන් පුහුනුව, අවිකරු උපදේශක පුහුණුව, සරඹ උපදේශක පුහුණුව සහ උසස් රෙජිමේන්තු කැඩෙට් නිළධාරී පුහුණුව ඇතුලු පුහුණුවීම් කටයුතු මෙම කදවුර විසින් සිදු කරනු ලබයි.

ආගමික කටයුතු වලට මුල් තැන ලබා දෙමින් සංවත්සරය නිමිත්තෙන් ධර්ම දෙශනාවක් පවත්වන ලදී. පසුව ඉංග්‍රීසින් විසින් වසර 1905 දී පමණ ඉදි කරන ලද දියතලාව දුම්රිය ස්ථානය අළුත්වැඩියා කරන ලදී. තවද දියතලාව මූලික රෝහලේද අළුත්වැඩියා කටයුතු මෙදින සිදු කරන ලදී.

අවසාන වශයෙන් කදවුරු පුද්ගලයන් අතර සම්බන්ධතාවය වර්ධනයේ කිරීමේ අරමුනින් ක්‍රිකට්, අත්පංදු සහ කඹ ඇදීමේ ක්‍රීඩා තරග පවත්වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි