ගුවන් හමුදාවෙන් රක්ෂණයට හදිසි පුහුණුවක්
3:25pm on Thursday 3rd November 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවාරණ අංශය ඔක්තෝබර් 21 වන දින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හදිසි ගිනි ගැනීමකදී ක්‍රියා කලයුතු ආකාරය පිළිබදව ක්‍රියාකාරකමක් එම ආයතනයේදී සිදු කරන ලදී.

මෙහි අරමුන වූයේ එම ආයතනයේ සේවය කරන පුද්ගලයන් හට හදිසි අවස්ථාවකදී ක්‍රීයා කලයුතු අකාරය පිළිබද දැනුවත් කිරීමයි.

කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහ යුධ හමුදා පුද්ගලයින් මුදවා ගැනීමේ අංශයේ සහයද මේ සදහා ලබා ගන්නා ලදී.  

මෙහිදී පහල මහල වල සිටින් පුද්ගලයින් හට 'ජම්පින් ශීට්' නම් වූ වායූ මෙට්ටයකට පැනීම් කල අතර ඉහල මහල වල පුද්ගලයින් 'සේෆ්ටි රෝප්' නම් වූ කඹ ආධාරයෙන් මුදවා ගැනීම් සිදු කරන ලදි. එසේම 'ස්කයි ලිෆ්ට් බ්‍රොන්කෝ' නම් වූ ගිනි නිවීමේ පුද්ගලයින් බේරා ගැනීමට හැකියාව ඇති එසවිය හැකි වාහනයක්ද මේ සදහා යොදා ගන්නා ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි