ගුවන් පතිභා ප‍්‍රභා
1:16pm on Sunday 6th November 2011
ගුවන් හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සැබෑ කලා කරුවන් සොයා දියත්කල දැවැන්ත මෙහෙයුමක අවසන් ප‍්‍රතිඵලය ලෙස ගුවන් හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට දිගහැරෙන ගුවන් ප‍්‍රතිභා ප‍්‍රභා නමින් වෙනස්ම ආකාරයක ප‍්‍රාසාංගික අත්දැකීමක් අද දින සන්ධ්‍යාවේ බි‍්‍රටිෂ් ජාත්‍යන්තර විද්‍යාලයීය ශ‍්‍රවනාගාරයේදී නිමාවට පත්වීය.
 
මාස 03 ආසන්න කාලයක් දිවයින පුරා විසරී ඇති ගුවන් හමුදා කදවුරු වල සේවයේ නියුතු සේවා පුද්ගලයින්ගේ ගායනය නර්තනය කථනය හා රංගන කුසලතාවයන් ඔප් නැංවීමේ අරමුනින් රට දැය රැකුමට ඇප කැප වී සිටින රණවිරුවන් අතරින් සැබැ දක්ෂතා ඇති කලා කරුවන් හෙල කලා කෙත අස්වද්දන්නට රට දැයට දායාද කිරිමට වු මහගු ප‍්‍රයත්නයක් ලෙස ගුවන් ප‍්‍රතිභා ප‍්‍රහා නම් ප‍්‍රාසාංගික සංද්‍යාව හැදින්විය හැකි අතර මෙය සේවා පුද්ගලයින්ට පමනක් සීමා නොවී ඔවුන්ගේ පවුල්වල සමාජික සාමාජිකාවන් සදහාද විවෘත වීම මෙහි තවත් සුවිශේෂීත්වයකි.

මේ අනුව සැම කදවුරකින්ම තරග ඉසවු 05 යටතේ තරග වැදුනු තරග කරුවන් මුලික වටයේ තෝරා ගැනීම් වලින් අනතුරුව ගායනයට නර්තනයට කථිකත්වයට හා රංගනයට දක්ෂ තරගකරුවන් අවසන් මහ තරගය සදහා අද දින මුහුන දුන් අතර ගායන අංශය සදහා තරග කරුවන් 04 හා එක් තරගකාරියක්ද කේවල නර්තනය සදහා තරග කරුවන් 02 හා එක් තරගාකාරියක්ද ඇතුලත් වු අතර ඇය ගුවන් හමුදා සේවා පුද්ගලයකුගේ පවුලක සාමාජිකාවක් වීම විශේෂත්වයකි. කථනය සදහා එක් තරගකාරියක් සහ තරග කරුවන් 02 ද සමුහ නර්තන 03 හා නාට්‍ය 03 වශයෙන් විවිධ කඳවුරු නියෝජනය කරමින් අවසන් වටය සදහා තේරි පතවින.

ගුවන් ප‍්‍රතිභා ප‍්‍රභා ප‍්‍රාසාංගික අත්දැකිමේ වැඩකටයුතු ගුවන් හමුදා නර්තන කණ්ඩායමේ පිළීගැනීමේ නර්තනයත් සමග ආරම්භ කෙරෙනු අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලිකා අබේවික‍්‍රම මැතිනිය විසින් පැමිනි සියලුම සම්භාවනිය අමුත්තන් පිළීගනමින් පිලිගැනීම කතාව සිදුකිරිමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරින.

අනතුරුව ගෞරවනීය විනිිශ්චය මණ්ඩලය ලෙස ප‍්‍රවීන නාට්‍යවේදී බන්දුල විතානගේ මහතා ප‍්‍රවීන නාට්‍යවේදි එඞ්වඞ් චන්ද්‍රසිරි මහතා ප‍්‍රවීන නාට්‍යවේදි දයාරත්න රටගෙදර මහතා නාට්‍ය අංශයේ විනිශ්චය සදහාත් නාට්‍ය අංශයේ ගෞරවනීය විනිශ්චය සදහා නිෂ්ශංක මහතා, රත්නා ලාලනී කැකුලාවල මහත්මිය, සහන් රන්වල යන නාට්‍යවේදින් නාට්‍ය අංශයටත් , ගායනය සදහා ප‍්‍රවීන ගායන ශිල්පී ඉන්ද‍්‍රානි පීරිස් මහත්මිය විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී මහත්මිය හා සමන්ද පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වු අතර නර්තනය සදහා ජයන්ති මහත්මිය රංගන ආරියදාස මහතා හා ප‍්‍රවීන ශීල්පී සුරාජ් මාපා විනිශ්චය කරුවන් ලෙස සහභාගි විය.

සැබැවින්ම මොවුන් වෘත්තියෙන් රට දැය සුරකීමට ඇප කැප වුවද මොවුන්ගේ දක්ෂතා හා කුසලතාවනයන් වෘත්තිය කලා කරුවන් අභිබවා යන්නට තරම් සමත් වු අතර ගෞරවණීය විනිශ්චය මණ්ඩලයේද පැසසුමට ලක්විය. පැමිනි සිටි පේ‍්‍රක්ෂකයින් විටක සංගීත රසඤතාවයෙන්ද විටක කුතුහලයෙන්ද විටක හාස්‍යයෙන්ද පිනවීමට මොවුන් සමත් විය. කලා කරුවකු සතු මේ සියළුම දක්ෂතාවයන් පසුගිය මානුෂීය යුධ සමයේ අවිය අමෝරා සතුරා අභියස සටන් කල රණවිරුවා සතුවීම කෙතරම් ආශ්චර්යක්ද යන්න පේ‍්‍රක්ෂකාගාරයේ ප‍්‍රතිචාර හමුවේ පසක් විය.

අනතුරුව ගුවන් හමුදා තුර්ය වාදක කණ්ඩායමට අභිනවයෙන් එක්වුනු ගුවන් හමුදා පෙරදිග තුර්යවාදක කණ්ඩායමේ අනර්ඝ සංදර්ශනයද පේ‍්‍රක්ෂකයින් අමන්දානන්දයටත් කතාබහටත් ලක්ව්ය.

ගුවන් ප‍්‍රතිභා ප‍්‍රහා ආලෝකමත් කිරිම සදහා ගරු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමන් ප‍්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගි වු අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මැතිතුමන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලිකා අබේවික‍්‍රම මහත්මිය හා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු සියලුම නිළධාරින් මෙම අවස්ථාවට සහභාගිවු අතර තරග කරුවන්ගේ පවුල්වල සමාජික සාමාජිකාවන්ද මේ සදහා එක්විය.

ගායන අංශයේ ජයග‍්‍රාහකයින්

පලමු ස්ථානය  නා.ගු.භ. දේශාන් දයාරත්න
දෙවන ස්ථානය  නා.ගු.භ. ගයාන් තිලංග
තුන්වන ස්ථානය  ගුවන් කාන්තා වාසනා ප‍්‍රියංගනී

ඒකල නර්ථන අංශයේ ජයග‍්‍රාහකයින්
පලමු ස්ථානය  චතුරිකා අනුරාධි හේවාසිංහ
දෙවන ස්ථානය  නායක ගුවන් කාන්තා දිලිනි කාංචනා ප‍්‍රනාන්දු
තුන්වන ස්ථානය  ගුවන භට දුලීප් ජයවීර

කථික අංශයේ ජයග‍්‍රාහකයින්
පළමු ස්ථානය  සැරයන් චමින්ද කුමාර
දෙවන ස්ථානය  ගුවන් කාන්තා සුරේනි දර්ශිකා හේරත්
තුන්වන ස්ථානය  සැරයන් නාලක සොයිසා

සමූහ නර්ථන අංශයේ ජයග‍්‍රාහකයින්

පළමු ස්ථානය  චීනවරාය ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම
දෙවන ස්ථානය  කටුනායක ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම (බටහිර නර්ථනය)
තුන්වන ස්ථානය  කටුනායක ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම (ද්‍රවිඩ නර්ථනය)

නාට්‍ය අංශයේ ජයග‍්‍රාහකයින්
 
පළමු ස්ථානය  කටුනායක ගුවන් හමුදා කඳවුරු නාට්‍ය කණ්ඩායම ෆිල්ම් ෂූටිං නාට්‍ය වෙනුවෙන්
දෙවන ස්ථානය  අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම බලූ අං රජ වේ නාට්‍යය වෙනුවෙන්
තුන්වන ස්ථානය  කටුනායක ගුව්න හමුදා කඳවුරු කණ්ඩායම බිහිසුනු මායාව නාට්‍ය වෙනුවෙන්




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි