අන්තර් ඒකක මලල ක්‍රීඩා තරගාවලිය 2011
10:45am on Tuesday 6th December 2011
2011 වර්ෂය සඳහා පැවති අන්තර් ඒකක මලල  ක්‍රීඩා තරගාවලිය මෙවර දිනාගැනීමට හමුදා අනුරාධපුර කඳවුර සමත්විය. කටුනායක ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගනයේ පැවති මෙම මලල ක්‍රීඩා තරගාවලියේ අනුරාධපුර කදවුර විශිෂ්ඨ දස්කම් දක්වමින් ලකුණු 239 ලබාගනිමින් තරගාවලිය පහසුවෙන් ජයගන්නා ලදී.

තරගාවලියේ දෙවන හා තුන්වන ස්ථාන පිළිවෙලින් ගුවන් හම්,උදා කොළඹ කඳවුර ලකුණු 217 ක් සහ ගුවන් හමුදා දියතලාව කඳවුර ලකුණු 193 ක් ලබා ගනිමින් දස්කම් දැක්වීමට සමත්විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දියතලාව ගුවන් හමුදා කඳවුර නියෝජනය කල කැඩෙට් නිලධාරී කොස්වත්ත ඩී එම් සී සම්මාන දිනාගත් අතර ගුවන් හමුදා කොළඹ කඳවුර නියෝජනය කල  කෝප්‍රල් දිනේෂා ඒ ඒ ඩී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්දන අමාත්‍යංශයේ හමුදා සම්බන්ධීකරන නිලධාරී හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර , ගුවන් හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සභාපති ගුවන් කොමදෝරු අජිත් අබේසේකර, කටුනායක කදවුරු අනදෙන නිලදාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා ඒකල කදවුරු අනදෙන නිලදාරී ගෲප් කැප්ටන් එල් ඩී ගුනවර්දන යන නිලධාරීන්ද සහභාගි විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි