ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය
12:42pm on Tuesday 20th December 2011
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සාර්ථකව පාඨමාලාව නිමකල නිලධාරීන් සදහා උපාධි පිරි නැමීමේ උත්සවයක් පසුගියදා(දෙසැම්බර් 14) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමත්‍ය දි මු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

විදේශීය රටවල සිසුන් කීපදෙනෙකුද ඇතුළුව 83 දෙනෙකු සිය උපාධි සහතික ලබාගත් අතර මෙම අවස්ථාව සදහා සම්භාවනීය අමුත්තන් ලෙස ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී , ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලුව තවත් විද්වතුන් රැසක් සහභාගී වූහ.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවති පාඨමාලා අංක 05 ට අයත් මෙම උපාධි ප්‍රධානෝත්සවය සඳහා යුද හමුදා නිලධාරීන් 48 ක්, නාවික හමුදා නිලධාරීන් 13 ක්, ගුවන් හමුදා නිලධාරීන් 14 ක්ද විදේශ රටවල නිලධාරීන් 14 බැගින්ද සහභාගී වු අතර මොවුන් සියලු දෙනාම ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දිමු ජයරත්න මහතා හා සෙසු සම්භාවනීය අමුත්තන් අතින් සිය උපාධි සහතික පත්‍ර ලබා ගත්හ.

විවිධ අංශවලින් දක්ෂතා දක්වා ඉහලම ස්ථාන ලබාගත් ශිෂ්‍ය නිලධාරීන් වෙත රන් සම්මානද පිරිනැමුණු අතර මෙහිදී මෙම විශේෂ ත්‍යාගයන් කාණ්ඩ 4 ක් යටතේ වර්ග කර තිබිණ. ඒ අනුව හොඳම ශිෂ්‍යයා, හොඳම අධ්‍යනය සමීක්ෂණය වෙනුවෙන් රන් පෑන සම්මානය පිරිනැමූ අතර ඉන්දීය යුද හමුදා නිලධාරියෙකු විසින් හොඳම විදේශීය ශිෂ්‍යයාට හිමි රන් පදක්කම දිනා ගන්නා ලදී.

විංග් කමාණ්ඩර් එස් වී පී කේ සේනාධීර (රෙජිමේන්තු පරිපාලනා හොඳම අධ්‍යනය සමීක්ෂණය වෙනුවෙන් රන් පෑන සම්මානයෙන් පිදුම් ලැබීය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි