ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර වාර්ශික ළමා සාදය සාර්ථකව නිම කරයි....
4:08pm on Friday 30th December 2011
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ වාර්ශික ළමා සාදය 2011 දෙසැම්බර් මස 27 වන දින කොළඹ කඳවුරු අණදෛන නිළධාරී එයාර් කොමොඩෝර් විජිත ගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට 1500 කට අධික ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයන්ගේ  දරුවන් හා පවුල් සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මැතිණිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා ”ඊගල්” සංගීත කණ්ඩායම සංගීතයෙන් දායක විය.

ළමා සාදය එදින පස්වරු 2.30 ට පමණ ආරම්භ වූ අතර කුඩා දරු දැරියන් වෙනුවෙන් විවිධ ක‍්‍රීඩා හා විනෝදාත්මක අංග රැසක් පවත්වන ලදී. එහිදී මැජික සංදර්ශනයක්, සුනඛ සංදර්ශනයක්, කතුරු ඔංචිල්ලා, මෙරිගෝ රවුන්ඞ්, පුංචි කෝච්චි සවාරි මෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් නොයෙකුත් ක‍්‍රීඩා අංගයන්ද පවත්වන ලදී. එසේම නත්තල් සමය සංකේතවත් කරමින් නත්තල් සීයාගේ පැමිණීම කුඩා දරු දැරියන් ප‍්‍රීතියෙන් ප‍්‍රමුදිත කරවන්නට සමත්කම් දැක්වීය.

උත්සවය අවසානයේදී ක‍්‍රීඩා තරඟයන්හි ජයග‍්‍රහණය කරන ලද කුඩා දරු දැරියන් වෙනුවෙන් ත්‍යාග ප‍්‍රදානය කිරීමක් සිදු කරන ලද අතර කුඩා දරුවන් වෙනුවෙන් සංගීත සංදර්ශනයක් සහ අලංකාර මල්වෙඩි සංදර්ශනයක්ද පවත්වන ලදී.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි