රත්මලාන කඳවුර වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් සංවිධානය කරයි.
5:05pm on Friday 30th December 2011
රත්මලාන කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු ඩීඑල්එස් ඩයස් ගේ මග පෙන්වීම යටතේ පසුගිය දෙසැම්බර් මස 21 වන දින වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් සංවිධානය කරනු ලැබීය.

කඳවුරු අණදෙන නිළධාරී තුමා විසින් සාම්ප‍්‍රධායානුකූල පොල්තෙල් පහණ දැල්වීමෙන් අනතුරුව සවස 4.30 පැයට පමණ ළමා සාදය ආරම්භ වු අතර නොයෙකුත් විනෝදාත්මක අංගයන් කුඩා දරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබිනි.

ඉන් අනතුරුව සුහද හමුව රත්මලාන කඳවුරේ සේවයේ නියුතු සියළුම සේවා හා සිවිල්  පුද්ගලයින් එක්ව සැමරීය. මෙම උත්සව අවස්ථාව වර්ණවත් කිරීමට ගුවන් හමුදා සංගීත කණ්ඩායම සහ නැටුම් කණ්ඩායම එක්ව සිටියහ.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි