ගුවන් විරුවන් සිහිකරමින් සිවම් හින්දු ආගමික දේව පූජාවක්
12:13pm on Thursday 16th August 2012
තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිහිකරමින් සහ සක්‍රිය සෙවයේ යෙදී සිටින රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට ආශිර්වාද කරමින් කොළඹ 10, කප්පිත්තා වත්ත සිවම් හින්දු කොවිලේදී ගුවන් හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් දේව පුජාව අද (31) දින සිදු කරන ලදී.

මෙම ප්‍රධාන හින්දු දේව පූජාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගී වු අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියළු කඳවුරු නියෝජනය කරමින් උසස් නිළධාරීන්,ගුවන් භටයින් ද මෙම අවස්ථාවට සහභාගීවිය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි