එයාර් චීෆ් මාර්ෂල් ජේ වීරක්කොඩි
Air Chief Marshal J Weerakkody RWP,VSV,USP,ndc,psc
1998 මාර්තු මස 06 වන දින එයාර් මාර්ෂල් නිලයට උසස් වෙමින් ගුවන් හමුදාපති ධූරයට පත්වීම් ලැබූ ජයලත් වීරක්කොඩි මැතිතුමා එම ධූරයට පත් දසවැන්නා විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එතුමා 1972 වර්ෂයේ 12 වන දින ගුවන් හමුදාවට එක්වූයේ හමුද විද්‍යාපීටයේ අංක 01 කැඩෙට් නිලධාරී පඨමාලාවේ ශිෂ්‍යයකු ලෙසිනි.

හෞදාපති ධූරයට පත්වීමට ප්‍රථම අංක 04 බලඝණය, අංක 02 බලඝනය,ශ්‍රී ලංකා ගුවන් හමුදා කොලබ කදවුරු යන ඒකකයන්හි අනදෙන නිලධාරි වරයා ලෙස කටයුතු කරන ලදී.ජේෂ්ඨ ගුවන් මාණ්ඩලික නිලධාරී, අනුරාධපුර කදවුරු අනදෙන නිලධාරී, උතුරු කළාපීය ආඥාපති,මෙහෙයුම් අධ්‍යක්ෂක හා මාණ්ඩලික ප්‍රධානී යන ධුරයන් හොබවමින් අත්දැකීම් රාශියක් ලබා ගත්තේය. එද මෙද තුර හෙලිකොප්ටර් බලගනයක් වන අංක 04 බලඝනයේ හා ප්‍රවාහන අලගණයක් වූ අංක 02 බලගණයේ අනදෙන ඉලධාරී ධුරයන් දෙකම හෙබවූ එකම ඉලධාරි වරය වනේද මෙතුමයි. නිපුණ පියසර උපදේශකයකුද වූ මෙතුමා ගුවන් හමුදාවේ ආධුනික
ගුවන් නියමුවන්ට පියසර ශිල්පය ඉගැන්වීමෙන් අනගි සේවයක් ඉටු කලේය.

මූලික පුහුණුවට අමතරව ඉංදියාවේ කොයිම්බටෝර් හි ගුවන් කදවුරේ කනිෂ්ඨ විධායක පඨමාලාව,ඇමරිකාවේ ඇලබාමාහි ගුවන් විශ්ව විද්‍යාලයේ මාන්ඩලික පාටමාලාව හා ඉන්දියාවේ ජතික ආරක්ෂක විද්‍යලයේද පුහුනුව් ලබ පන්නරය ලැබීය.

මෙතුමාගේ පාලන සමයේදී ගුවන් හමුදාවට එක්වූ යානා අතර MIG 27ප්‍රහාරක යානා, K8 හා PT6පුහුනු ගුවන් යානා මෙන්ම C 130 හර්කියුලීස් ප්‍රවාහන යානාද වේ.ආදර්ශමත් නායකයකු වූ මෙතුමා මෙහෙයුම් අධ්‍යක්ෂක වැනි ඉහල ධූරයන් දරමින් සක්‍රීය ලෙස සංග්‍රාමික මෙහෙයුම් වලට දායක විය.

රන බිමේ දැක්වූ වීරත්වය වෙනුවෙන් රන වික්‍රම පදක්කමෙන් තෙවරක් පිදුම් ලැබූ අතර,දීර්ඝ හ උත්කෘෂ්ඨ සේවය වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂනයෙන් පිදුම් ලැබීය.2002 ජූලි මස 02 වන දින සිය ධූරයෙන් සමුගත් අතර 2007 ඔක්තෝම්බර් මස01 වන දින එයාර් චීෆ් මාර්ෂල් නිලයෙන් උසස් කරනු ලැබුවේ ගුවන් හමුදවටත් රටටත් කල සේවය අගයමිනි.

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි