එයාර් චීෆ් මාර්ෂල් එම් ජේ ටී ද ගුණවර්ධණ
Air Chief Marshal MJT de Gunawardena VSV,ndc,psc
මාකලන්දගේ ජොනී ටෙරන්ස් ද සිල්වා ගුණවර්ධන 1990 අගෝස්තු 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අට වන හමුදාපති ලෙස පත් වූයේ එයාර් මාර්ෂග් නිලයට උසස් වීමක් ලබමිනි.

සිය මූලික සිප්සතර කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් හැදෑරු එයාර් මාර්ෂල් ටෙරන්ස් ගුණවර්ධන 1959 දෙසැම්බර් 31 වන දින රාජකෘය ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ජෙට් යුගයේ සාමාජිකයෙකු වූයේ ජෙට් පෝවෝස්ට් හා මිග් 17 යානා පදවමිනි.

එක්සත් රාජධානියේ බ්‍රැක්නේල්හි රාජකීය ගුවන් හමුදා මාන්ඩලික විද්‍යාලයෙන් හා ඉන්දියාවේ නවදිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් පුහුණුව ලැබූ මෙතුමා පසුව ගුවන් හමුදාවේ වැදගත් තනතුරු රාශියක් හෙබවීය. ඒ අතර අංක 2 බලඝණයේ අණදෙන නිලධාරී හා චීන වරාය ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක තනතතුරු වැදගත් තැනක් ගනී. 1986 දී මාන්ඩලික ප්‍රධානී ලෙස මෙතුමා පත්වීම ලැබීය.

ගුවන් හමුදාවේ අවශේෂ වී තිබුන ජෙට් ප්‍රහාරක බලය යලි පණ ගැන්වීම මෙතුමාගේ සංකල්පයක් අනුව සිදු විය. ඒ අනුව චීනයේ නිෂ්පාදිත F7 ප්‍රහාරක යානා ගුවන් හමුදාවට එක් විය. ආජන්ටිනාවේ නිෂ්පාදිත FMAIA 58 පුකාරා හා රුසියානු එම් අයි 17 හෙලිකොප්ටර් යානා මෙතුමාගේ පාලන සමයේ එක් වූ අනෙක් සුවිසේශී යානා වේ. නිමාවන තුරුම එෆ් 7 හා එම් අයි 17 යානා අනගි සේවයක් ඉටු කරන ලදී.

සිය දිර්ඝ වූත් උත්කෘෂ්ඨ වූත් සේවය උදෙසා විශිෂ්ඨ සේවා විභූෂණයෙන් පිදුම් ලැබූ මෙතුමා 1994 පෙබරවාරී 16 වන දින ගුවන් හමුදාපති ධූරයෙන් සමු ගත්තේය. විශ්‍රාම යන අවස්ථාවේදී මෙතුමා එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරනු ලැබීය.

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි