එයාර් චීෆ් මාර්ෂල් පී එච් මෙන්ඩිස්
Air Chief Marshal P H Mendis MBIM,IDC,pscපැඩි මෙන්ඩිස් යන නමින් සැවොම හදුනාගත් ගුවන් කොමදෝරු පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් 1971 ජනවාරි මස 01 වන දින ගුවන් හමුදාපති ධූරයට පත්වන විට 38 වන වියෙහි පසු විය. මෙතුමා ගුවන් හමුදාපති ධූරයට මෙන්ම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවක හමුදාපති ධූරයට පත් ලාබාලතම පුද්ගලයා වේ. පසු කාලීනව මෙතුමා එයාර් වඉස් මාර්ශල් නිලයට උසස් කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ස්තාපිත කරීමත් සමග ගුව්න් හමුදාවට එක්වූ පස්වැනි ආධුනිකයා වන මෙතුමා 1951 අගෝස්තු මස සේවයට එක් විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරු මෙතුමා ගුවන් හමුදාවට සම්බන්ධවි එක්සත් රාජධානියේ පිහිටි රාජකීය ගුවන් හමුදා ක්‍රැන්වෙල් පාසලෙන් මූලික පුහුනුව ලැබීය. ඉන්පසු මෙරිෆීල්ඩ් කදවුරේදී "De Havilland Vampire" ජෙට් යානය ඇතුලු යානා පදවමින් පියාසර පුහුනුව ලැබීය.

1954 ඔක්තෝම්බර් මස ලංකාවට පැමිණි මෙතුමා අග්‍රණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මැතිදුන් අතින් අධිකාරි ලැබීය. 1957 සැප්තැම්බර් මස 01 වන දින අංක 02 බළගණය ඇරබීමත් සමග එහි ආරම්භක අනදෙන නිලධාරීයා ලෙසද මෙතුමා පත් විය.බ්‍රිතාන්‍යයේ මධ්‍යම පියසර පුහුණු පාසලෙන් නිපුන පියසර උපදෙශයෙකු ලෙස පුහුනුව ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හිමිකරගත් මෙතුමා 1960 දී අංක 01 බලගනයේ අනදෙන නිලධාරී ලෙස පත් විය.සිය සේවා කාලය තුලදී ලැබු පුහුනුව තුලින් ඉන්දියාවේ වෙලින්ටන් හිදී ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයෙන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ආරක්ෂක විද්‍යාලයෙන් ලද පුහුනුවීම් වැදගත් තැනක් ගනී. ගුවන්හමුදාපති ධූරයට පත්වීමට ප්‍රථම ජේෂ්ඨ ගුවන් මාණ්ඩලික නිලධාරි හා ගුවන් මාණ්ඩලික ප්‍රධානි ධුරයන්ටද මෙතුමා පත් විය.

එයාර් වයිස් මාර්ෂල් මෙන්ඩිස් මහතාගේ කාලපරිච්ඡෙදය ගුවන් හමුදාවට අභියෝගාත්මක සමයක් විය, මේ අතර 1971 අප්‍රේල් මස කැරැල්ල ප්‍රධාන තැනක් ගනී.ඒ වනතුරු ගුවන් හමුදාවට ලැබුනු ප්‍රථම සංග්‍රාමික කැදවීම මෙය විය.රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙසින් එතෙක් හදුන්වනු ලැබෙමින් තිබියදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව නමින් පරිවර්තනය වූවේද මෙතුමාගේ කල වකවානුවේදීය.මෙතුමාගේ මග පෙන්වීම යටතේ වානිජ ගුවන් මෙහෙයුම් (Helitours) ,හෙරන් යානය "රයිලි හෙරන්" (Riley Heron) තත්වයට අලුත්වඩියව හා මොරවැව කෘෂි ඒකකය ස්ථාපිත කිරීම ගුවන් හමුදා ඉතිහාසයේ වැඩගත් තැනක් ගන්නා ව්‍යාපෘති කිහිපයකි.

ගුවන් හමුදාපති ලෙස අසිරිමත් කාලය ගෙවූ මෙතුමා 1976 නොවැම්බර් මස 01 වන දින ගුවන් හමුදාවෙන් විශ්‍රාම ලැබීය. අනතුරුව ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් කටයුතු නංවාලීමට පුරෝගාමි මෙහෙයක් ඉටුකල මෙතුමා "දේශමාන්‍ය" ගරු නාමයෙන්ද පිදුම් ලැබීය. ගුවන් හමුදාවටත් රටත් සිදුකල සේවය අගයනුවස් 2007 ඔක්තෝම්බර් මස 01 වන දින මෙතුමා එයාර් වයිස් මාර්ෂල් නිලයට උසස් කරන ලදී.





ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි