එයාර් චීෆ් මාර්ෂල් ඩබ්ලිව්.ඩී.එච්. ගුනතිලක
Air Chief Marshal WDH Goonetileke ndc, pscහැරී ගුනතිලක යන නමින් පතල වූ වෙල්ලවාඅරච්චිගේ දොන් හැරල්ඩ් සුමතිපාල විජේසිංහ මැතිදුන් 1976 නොවැම්බර් මස 06 වන දින ශ්‍රී ලංකා හමුදාවේ පස්වන හමුදාපති ලෙස පත්විම් ලැබීය.

කොලඹ රාජකීය විද්‍යාලයෙන් සිසතර හදැරු මෙතුමා 1951 සැප්තැම්බර් මස 21 වන දින ගුවන් හමුදාවට බැදුනේ දේශීයව පුහුනුව හැදැරු කැඩෙට් නිලධාරී පාඨමාලාවට එක්වෙමිනි.චිප්මන්ක් හා බෙලියොල් ගුවන් යානා වල පුහුණුව නිමකළ මෙතුමාට 1954 දී පියාසර ලාංචනයෙන් පිදුම් ලැබීය.බ්‍රිතාන්‍යයෙන් මිලදීගත් "Heron" යානා ලංකාවට පදවාගෙන එනු ලැබු නියමු මණ්ඩලයේ සමාජිකයකු වීම මෙය්හුමාගේ ජිවිතයේ වැදගත් සන්දිස්ථානයකි. ක්‍රීඩාවන් කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ මෙතුමා, ක්‍රිකට්, රග්බි වැනි ක්‍රීඩාවන් සදහා විශේෂත්වයක් දැක්වීය. අංක 02 බලගණයේ නියමුවකු ලෙස කටයුතු කල මෙතුමා 1963 වර්ෂයේදී එහි අනදෙන නිලධාරී ලෙස පත් විය.ඉංදියාවේ වෙලින්ටන්හි ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයේ හා නවදිල්ලි ජාතික ආරක්ෂක සේවා විධ්‍යාපීටයේ ලද පුහුණුව මෙතුමගේ හමුදා ජිවිතය වර්නවත් කළේය.

1966 සිට 1968 දක්වා චීන වරාය කදවුරේ අණදෙන නිලධාරී ලෙස රාජකාරී ඉටුකල මෙතුමා පසු කාලීනව කටුනායක ගුඅන් හමුදා කදවුරේ අනද්න නිලධාරී වරයා ලෙසද පත් වීම් ලැබීය. ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය ස්ථාපිත කිරීමත් සමග මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස පත් වූ මෙතුමා ඉන් අනතුරුව මාණ්ඩලික ප්‍රධානි තනතුරටද පත් විය.

ගුනතිලක මැතිදුන්ගේ සමයෙහි අතහැර දමු ගුවන් පථ යලි සක්‍රීය කරවීමේ වැඩකටයුතු වලට මුල් තැනක් ලැබිනි. ගුවන් හමුදා කෞතුකාගාරය පිහිටුවීමේ මූලික පියවරක් වූ සංරක්ෂන වැඩකටයුතු ඇරඹුණේ මෙතුමාගේ සමයේදීය.ගුනතිලක මැතිතුමා 1981 අප්‍රේල් 30 වන දින සිය ධූරයෙන් සමුගත් අතර ගුවන් හමුදාවටත් රටටත් ඉටුකල සේවය අගයීම වස් මෙතුමා 2007 ඔක්තෝම්බර් මස 01 වන දින එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරන ලදී.ගුනතිලක මහතා 2008 අප්‍රේල් මස 11 වන දින මෙලොව අතහැර යන ලදී. 

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි