එයාර් චීෆ් මාර්ෂල් ජී පී බුලත්සිංහල

Air Chief Marshal Gagan Bulathsinhala

එයාර් චීෆ් මාර්ෂල් ජී පී බුලත්සිංහල
RWP, RSP, VSV, USP, M Phil (Def & Strat Stu), MSc (Def Stu) in Mgt, FIM (SL), ndc, psc

1961 සැප්තැම්බර් මස 12 වන දින උපත ලද එයාර් මාර්ෂල් ගගන් පුලස්ති බුලත්සිංහල 1981 පෙබරවාරි මස 12 වන දින ශිෂ්‍යභට නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වු අතර 1983 අප්‍රේල් මස 08 වන දින නියමු පොදූ රාජකාරි ශාඛාවේ නිලධාරියකු ලෙස අධිකාරියට පත්ව තම රාජකාරී ආරම්බ කරන ලදී.

එයාර් මාර්ෂල් බුලත්සිංහල ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇල්බාමා මැක්ස්වෙල් ගුවන් හමුදා කඳවුරේ ගුවන් අණ හා මාණ්ඩලික විද්‍යාලය හා ඉන්දීයාවේ  නව දිල්ලියේ ඡාතික ආරක‍ෂක විද්‍යාලයේ උපාධිදාරියකු වන අතර චෙන්නායි විශ්ව විද්‍යාලයේ උපාය මාර්ගික අධ්‍යනය පිළිබදව සහ ශ්‍රී ලංකාවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අධ්‍යනය හා පරිපාලන විද්‍යාව පිළිබදව උසස් පශ්චාත් උපාධි හදාරන ලදී. ඔහු ජාතික හා උපාය මාර්ගික අධ්‍යනය ආරක්ෂක විද්‍යාලය වොෂින්ටන් යන විශ්ව විද්‍යාල වල නිපුණතා දක්වා ඇත’.

එයාර් මාර්ෂල් බුලත්සිංහල අංක 06 වන හෙලිකොප්ටර් බලඝණයේ ආරම්භක අණදෙන නිළධාරියා වූ අතරම අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ දීර්ඝතම කාලයක් අණදෙන නිලධාරී වීමේ වරප්‍රසාදය ලබා ඇත. ඔහු ගුවන් පැය 4500කට අධික ප්‍රමාණයක් පියාසර කර ඇති අතර අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරියේද නිරත වී ඇති සිටින කාලයේ ශ්‍රී ලාංකික ඡනාධිපතිවරු සතර දෙනෙක් හා වෙනත් රාඡ්‍ය නායකයින් හා ප්‍රභූවරු රැසක් වෙනුවන් පියාසර කර ඇත. එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර චීන වරාය කඳවුරු අණදෙන නිළධාරි ලෙස සේවය කර ඇත.එසේම ගුවන් හමුදා මූලස්ථානයේ සේවය කල කාලයෙදි ගුවන් හමුදාධිපතිගේ අධිසහායක ලෙසත් මාණඩලික නිළධාරි ගුවන් මෙහෙයුම් ලෙසත් සේවය කර ඇත.

ඊට අමතරව ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ මාණ්ඩලික නිළධාරි (ගුවන්) සහ ආරක‍ෂක මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක ලෙස රාඡකාරි කර ඇත.  2011 වර්ෂයේ මෙහෙයුම් අධ්‍යක‍ෂක ලෙස ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලයට පත් වු අතර 2012 වර්ෂයේ ගුවන් මෙහෙයුම් අධ්‍යක‍ෂක ලෙසත් 2014 වර්ෂයේ ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙසත් පත් විය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බුලත්සිංහල බෙදූම්වාදී ගැටුම් පැවැති කාලය තුල හෙලිකොප්ටර් නියමුවෙක් ලෙස ඉටු කරන ලද විශිෂ්ඨ වු වීරෝධාර හා කීර්තිමත් සේවය අගයා ඔහුට "රණ වික්‍රම" හා "රණ ශූර" පදක්කම් ප්‍රධානය කර ඇත. ඊට අමතරව ඔහුගේ ගුවන් හමුදා විශිෂ්ඨ සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කම ප්‍රධානය කර ඇත. 2015 ඡුනි මස 01 වන දින සිට එයාර් මාර්ෂල් නිළයට උසස් වීම් ලැබ, 2015 ඡුනි මස 16 වන දින සිට ගුවන් හමුදාධිපති ලෙස පත් විය.

ඔහු ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති වශයෙන්ද ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අතුරු කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරන ලදී.

ඔහු සමන්ති මැතිණිය සමග විවාහ වී සිටින අතර මෙම දෙපලට පුතෙකු හා දූවෙකුද සිටී. 

  

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි