එයාර් චීෆ් මාර්ෂල් එච්.ඩී අබෙවික්‍රම

Air Marshal HD Abeywickrama

එයාර් චීෆ් මාර්ෂල් එච්.ඩී අබෙවික්‍රම
ආර්ඩබ්ලිව්පී, ආරෙස්පී, වීඑස්වී, යූඑස්පී, එම්.එස්.සී (යුධ අධ්‍යයන ) , එම්.ඒ (ලන්ඩන්) ආර්සීඩීඑස්, පීඑස්සී,

කොළඹ රාජකීය විදුහලෙන් සිප්සතර හදැරූ එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ දුමින්ද අබේවික්‍රම 1980 අප්‍රේල් මස 19 වන දින නියමු පොදු රාජකාරී වෘතීයේ ආධුනික කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය. කැඩෙට් නිලධාරී බදවා ගැනීමේ අංක 08 යටතේ, නියමිත ගුවන් නියමු පාඨමාලාව සහ අනෙකුත් සියලු පාඨමාලාවන් සාර්ථක ලෙස නිම කර 1982 අප්‍රේල් මස 03 වන දින ඔහු "පයිලට් ඔෆිසර්" නිළයෙන් අධිකාරි නිලයට පත් විය.ඔහුගේ වසර 31 ක විෂිෂ්ඨ වූ සේවා කාලය තුලදී, උපදේශක,ගුවන් මෙහෙයුම් සැලසුම්, ආදි විවිධවූ තනතුරු හොබවන ලදී. එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුල ස්තාපිත කරනු ලැබු පළමුවන ප්‍රහාරක "ජෙට් යානා" බලගණයේ පළමු අණදෙන නිලධාරීයා වශයෙන් කටයුතු කිරීමටද ඔහුට භාග්‍ය ලැබීය.මීට අමතරව එයාර් මාර්ෂල් අබේවික්‍රම පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේ හා අනුරාදපුර අංක 01 පියාසර පුහුණු පාසලේ අණදෙන නිලධාරී වශයෙනුත්, නැගෙනහිර කළාපීය අනදෙන නිලධාරී වශයෙනුත්, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ගුවන් පක්ෂාංගයේ ප්‍රධාන උපදේශක වශයෙනුත් කටයුතු කර ඇත. එසේම ගුවන් හමුදා මූලස්ථානයේ වැඩබලන සැපයුම් අධ්‍යක්ෂක, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක හා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරු වලද නිරත විය.

පිලිවෙලින් 1991 සහ 1996 වසර වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක "ජෙට් යානා" බළගනයට එක්වූ එෆ්-07 සහ කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන්හි ගුවන් නියමවකු ලෙස සුදුසුකම් ලත් මුල්ම ගුවන් හමුදා නිලධාරී අතලොස්සෙන් එක් අයෙක් එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතායි. වන්නි මානුෂිය මෙහෙයුම් සමයේදී අධ්‍යක්ෂක ගුවන් මෙහෙයුම් වසහයෙන් කටයුතු කරන ලද මෙතුමා සියලුම ගුවන් මෙහෙයුම් කටයුතු සදහා තමසෘජු උපදේශකත්වය සහ දායකත්වය ලබාදී එමගින් උපරිම ප්‍රතිපල ලබදී ඇත. මානුෂීය මෙහෙයුම්වල සාර්ථක අවසානය සදහා මෙතුමාගේ භූමිකාව මහත් පිටුවහලක් විය.

මෙතුමා ගුවන් නියමුවෙක් ලෙස සග්‍රාම මෙහෙයුම් වලදී ඉටුකරන ලද නිර්භීත ගුවන් මෙහෙයුම් වෙනුවෙන් "රණවික්‍රම" හා "රන ශූර" පදක්කම් වලින් පිදුම් ලබා ඇත. තවද සේවා කාලය තුල තම රාජකාරීන් කැපවීමෙන් ඉටුකිරීම වෙනුවෙන් "විශිෂ්ඨ සේවා විභූෂ්ණ්නය" සහ "උත්තම සේවා පදක්කම" යන පදක්කම් වලින්ද පිදුම් ලබා ඇත.

මෙතුමා ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමාහි පිහිටා ඇති ගුවන් අන හා මාණ්ඩලික විශ්වවිද්‍යාලයන්හි උපාධිධාරියකු ද වේ. ඔහු ලන්ඩනයෙහි කිංග්ස් කොලේජ් විශ්වවිද්‍යාලයේහි ජාත්‍යන්තර අධ්‍යනය පිලිබදව සහ ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි කලමණාකරනය පිලිබදව පශ්චාත් උපාධිධාරියකු වේ. එමෙන්ම, ඔහු එක්සත් රාජධානියේහිද අධ්‍යාපනය ලැබුවෙකි. මෙයට අමතරව ඔහු වාණිජ ගුවන් යානා නියමු බලපත්‍ර ධාරියකු හා ඒ-2 වර්ගයේ සුදුසුකම් ලත් ගුවන් නියමුවෙකුද වේ.

මෙතුමන් නීලීක අබේවික්‍රම මැතිණිය හා විවාග ගිවිසගත් ආතර ඇය නීතිඥවරියකු මෙන්ම වත්මන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය ලෙසද කටයුතු කරනු ලබයි.මොවු දෙපලට දාව කසුන් නම් පුතනුවකු සිටින අතර මේ වන විට උපාධි අපෙක්ෂකයකුද වේ.

එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා බෞද්ධාගමියකු වන අතර සංගීතය,දාර්ශණික විද්‍යාව හා ගොල්ෆ් ක්‍රීඩාවටද ඇල්මක් දක්වයි.

 

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි