ආරක්ෂක තත්ව වාර්ථාව


      
        Latest update:
04 June 2019 | 08.17 AM

දෛනික මාධ්‍ය සාකච්චාව 2019 ජුනි මස 03 වන දින

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමටත්, නීතිය හා සාමය සුරැකිම සදහාත් ආරක‍ෂක ක්‍රියාමාර්ග රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතිනවා.

දෛනික රාජකාරියක් වශයෙන් ගුවන් හමුදාව මගින් කොළඹ, කටුනායක, රත්මලාන යන ප්‍රධාන කොට්ඨාශ තුනෙහි සහ පාලවිය, සිගිරිය, මොරවැව, මිරිගම සහ දියතලාව යන උප කොට්ඨාශයන්හි පාසල් වල සහ දරු දැරියන්ගේ ආරක‍ෂාව තහවුරු කිරීම සඳහා භට පිරිස් යොදවා තිඛෙනවා.


මීගමුව ප්‍රදේශයේ පැවැත්වෙන උද්ගෝෂණ හේතුවෙන් ඇතිවිය හැකි කළබලකාරී සිදුවීම් වැළැක්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයින් 75 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මීගමුව බස්නැවතුම්පොල අවට ප්‍රදේශය දෙමංකඩේ හංදිය ප්‍රදේශය සහ පාංකඩේ හංදිය යන ප්‍රදේශයන්හි ස්ථානගත කොට ඇත.

මේ වන විට සුරක‍ෂිත කර තිඛෙන ජන ජීවිතය ස්ථාවර කිරීම සඳහා ගුවන් හමුදාව මගින් අඛණ්ඩව ආරක‍ෂක මෙහෙයුම් සිදුකරමින් පවතිනවා.

බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපලේ සංශෝධිත ආරක්ෂක කටයුතු

2019 අප්‍රේල් 21 වන දින ඇතිවූ ඛේදවාචකය නිසා එදා සිට ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක‍ෂක පරීක‍ෂාවන් වැඩිකරනු ලැබුවා. ඒ හේතුවෙන් ගුවන් ගමන් යාමට සහ දවයිනට පැමිණෙන ගුවන් මගීන්ට සැලකිය යුතු තරමේ අපහසුතාවයන් පත්වන්නට සිදුවුණා. ඒ අනුව, රථවාහන ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුළුවී තහනම් කිරීම නිසා ගුවන් ගමන් යාමට පැමිණෙන මගීන් හට ඔවුන්ගේ වාහන වල සිට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගීන් හට ඔවුන්ගේ වාහන වෙත යාම සඳහා සැලකිය යුතු දුරක් පයින් ගමන් කිරීමට සිදුවුණා.

කොහොම උනත්, ගුවන් හමුදාව සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි, මගීන් ගුවන් තොටුපල වෙත ගෙනවිත් දැමීමට සහ රැගෙන යාමටත්, මගීන්ට තම ගමන් මලූ රැගෙන පයින් ගමන් කිරීමට තිඛෙන දුර අවම කිරීමට පිවිසීමේ සහ පිටත්ව යාමේ දොරටු වෙත වාහන ගමන් කිරීමට කටයුතු යොදා තිඛෙන බව.

එසේම ගුවන් තොටුපල කුලී රථ ප්‍රවාහන සේවයේ රථ සඳහා පැමිණිමේ පර්යන්තය ආසන්නයටම පැමිණිමට පහසුකම් සලසා දී තිඛෙනවා. ඒ අනුව එම සේවාව ලබා ගැනීමට කැමැත්ත දක්වන මගීන් හට පැමිණීමේ පර්යන්තයෙන්ම කුලී රථ වෙන් කරවා ගැනීමේ පහසුකම ලබාගත හැකි අතර පර්යන්තයෙන් පිටතදී ඔවුන් හට එම රථයට ගොඩවීමේ පහසුකම හිමිවෙනවා.




නව වගකීම් >>



 

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි