airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරගය මෙවරත්

Published on: 2016-03-05 12:17:15
වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරගය  මෙවරත්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරගය 2016 මාර්තු මස 05 වන දින උදෑසන වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙම ධාවන  තරගාවලියෙහි සමස්ථ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුර සමත් වූ අතර එහිදී දියතලාව ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම අනු ශූරතාවය දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා  කොළඹ  කඳවුරේ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයෙන් අවසන් වූ මෙම ධාවන තරගය සඳහා ගුවන් හමුදා නිළධාරීන්, නිළධාරිනියන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 300 කට අධික ප‍්‍රමාණයක් සියලුම කඳවුරු නියෝජනය වන පරිදි මේ සඳහා සහභාගී වූ අතර විවිධ වයස් කාණ්ඩයන් යටතේ ඔවුන් තරඟ වදින ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 
EVENTS
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved