airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

Published on: 2017-07-28 17:56:41
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින්  අද (2017 ජූලි මස 28) දින සිදු කරන ලදී.

මාර්ග පෙළ ඛණ්ඩයක ආචාරය මධ්‍යයේ, කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් මොහාන් බාලසූරිය විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලදී

කඳවුරු පරීක්‍ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලදී. අනතුරුව පසුගිය වර්ෂය තුල කදවුර වෙනුවෙන් කල විශිෂ්ට සේවාව අගයමින් 31380 බලපන්ති සැරයන් සුනිල්නන්ද (මෙහෙයුම් භූමි)  සහ සිවිල් සේවක ඩබ් ඩී අනුර ශාන්ත මහතා (කම්කරු) යන අය ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී.  මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලදී.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved