airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

අණදෙන නිළධාරීන් වෙනුවෙන් පැවැත්වෙන පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන 12 වන වැඩසටහන

Published on: 2017-10-04 11:46:16
අණදෙන නිළධාරීන් වෙනුවෙන් පැවැත්වෙන පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන 12 වන වැඩසටහන
අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ දොළොස්වන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය 2017 සැප්තැම්බර් මස 29 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නිමාවට පත්විය. මෙම වැඩසටහන 2017 සැප්තැම්බර් මස 26 වන දින සිට 2017 සැප්තැම්බර් මස 29 වන දින දක්වා පවත්වන ලදී.

මෙම පුහුණු වඩසටහන පැවැත්වීමේ අරමුණ වූයේ ආයතනික සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුල අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිළධාරීන්ගේ පරිපාලන සහ කළමණාකරන කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි. පුහුණු වැඩසටහන ආරම්භ කරමින් කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා විසින් දේශනයක් පැවැත්වූ අතර පුහුණු වැඩසටහන අවසානයේ චීන වරාය විද්‍යාපීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් එච් එස් එස් තුයියකොන්තා විසින් සියළු දෙනා අමතන ලදී.

එසේම මෙහිදී අණදෙන නිළධාරීන්  එකිනෙකා අතර තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමද සිදුවිය. මෙම පුහුණු සැසියේ දේශන සහ විෂයන් පරිනත උපදේශකයන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඵලදායී සාකච්ඡා සැසි සමගින් විශාල විෂය පථයක් ආවරණය කරන ලදී.


 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved