airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

තවත් සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාවක් නිමාවෙයි

Published on: 2018-03-27 16:34:10
තවත් සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාවක් නිමාවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතාගේ මගපෙන්වීම යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස් ගේ අධීක්‍ෂණය යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේ පවත්වන ලද සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාවන් හි සහතික පත් ප‍්‍රදානය 2018 මාර්තු මස 22 වන දින සීගිරිය ගුවන් හමුදා සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලදී.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් බිමල් වීරවර්ධන ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. සීගිරි විලේජ් හෝටලයේ සාමාන්‍යධිකාරී  ඇන්තනී පෙරේරා මහතා සහ එලිෆන්ට් කොරිඩෝර් හෝටලයේ නේවාසික කළමණාකාර සිඩ්නි අයි. ඩේවිඩ් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස්, සත්කාරක කළමනාකරණ පාසලේ ප‍්‍රධාන උපදේශක ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දුලන්ත කුරේ, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. සලාක සහායක ගුවන් භටයින් 38 දෙනෙකු සහ භෝජනාගාර භාරකරු ගුවන් භටයින් 23 දෙනෙකු මෙහිදී සහතික පත් ලබා ගන්නා ලදී.

සලාක සහායක පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය නායක ගුවන් භට සම්පත් ආර්එල්එල්ඒඑස් සහ භෝජනාගාර භාරකරු පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය නායක ගුවන් කාන්තා අමරජීව බීඑම්එස්එම් විසින් දිනා ගන්නා ලදී.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved