airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

මීරිගම ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට

Published on: 2018-11-02 08:56:42
මීරිගම ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2018 ඔක්තෝම්බර් මස 29 වන දින ගුවන් සිදු කරන ලදි.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිපුන තනිපුලිආරච්චි විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර මාර්ග පෙළ ඛණ්ඩයක්  මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත ආචාර පුද කරන ලදී.

මෙවර කඳවුරු පරීක්‍ෂණයේදී කෝප‍්‍රල් චිරන්ත එස්එස්ඩබ්ඩී සහ කෝප‍්‍රල් රණසිංහ ආර්පීඑන්ටී හට සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට භාජනය කරන ලදී. කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී.


 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved