airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

වීරවිල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට

Published on: 2019-11-14 11:43:15
වීරවිල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2019 නොවැම්ර් මස 13 වන දින  සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් මනෝජ් කැප්පෙටිපොල විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර සම්මාන මුරයක්  මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත ආචාර පුද කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට භාජනය කරන ලද අතර බලපංති සැරයන් සමිපත් ඩීඑම්එල්පී, සැරයන් සංජීව ඒඑම්එස් හා සිවිල් සේවක අශෝක කීර්තිසේන මහතා යන අයවලුන් හට  කඳවුර වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.

කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී.


EVENTS
  • HTTC Application
  • The 9 Day Revolution @ IDH
  • The 9 Day Revolution @ IDH
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved