airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

හයිටි සාම සාධක රාජකාරි සදහා 13 වන කාණ්ඩායම විසිර යයි

Published on: 2011-12-20 11:49:32
හයිටි සාම සාධක රාජකාරි සදහා 13 වන කාණ්ඩායම විසිර යයි
uploads/news/slaf_troops_for_hity/44.jpg
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හයිටි සාම සාධක රාජකාරි සදහා යන 13 වන කාණ්ඩය අද (19 ඩෙසැම්බර් 11)උදැසන ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථාන කදවුරේදී විසිර ගියහ. ගුවන් හමුදාවේ සියළුම අංශයන්ට අයත් මොවුන් ශ්‍රී ලංකා යුධ හා නාවික හමුදා සමග එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් හයිටි රාජ්‍යයේ රාජකාරී සදහා පිටත්ව යාමට නියමිතය.

මොවුන් විශේෂයෙන්ම වාහන /පුද්ගලයින් පාලනය කිරීමේ ක්‍රියාන්විත, කැලඹීමට පත්වූ සාමාන්‍ය ජනතාව සම්බන්ද ක්‍රියාන්විත, නිරායුධ කරණය/ පුනුරුත්ථාපනය/ ජන ජීවිතය මුදා හැරීම සහ වටලා සෙවීමේ ක්‍රියාන්විත්, වාහන රැලි ආරක්ෂක මුර ක්‍රියාන්විත සහ මුර සංචාර මෙන්ම කෘතීම බෝම්බ පිළිබද ඉතා උසස් මට්ටමේ පුහුණුවක් ලබා දෙන ලදී.

හයිටි රාජ්‍යයේ වැසියන් සමග එක්ව ඉතා හොදින් රාජකාරී කටයුතු කරගෙන යැම සදහා අවශ්‍ය වන්නාවූ විශයන් පිළිබදව මොවුන් දැනුවත් කරන ලදී.ඒ යටතේ එක්සත් ජාතීන්ගේ සංවිදානය හැදින්වීම සාම සාදක මෙහෙයුම් හැදින්වීම හයිටි වත්මන් තත්වය සංස්කෘතික වෙනස්කම් ජාත්‍යන්තර මානුෂවාදී නීතිය හා මානව හිමිකම් එච්.අයි.වී/ඒඩ්ස් දේශණ ලිංගික අපයෝජන එක්සත් ජාතීන්ගේ හකාස පිළිවෙත එක්සත් ජාතීන්ගේ විනය ආරක්ෂක රාජකාරී හයිටි අත්දැකීම් පිළිබදව සකච්ඡා කිරීම ක්‍රෙයෝල් භාෂාව මානසික ආත්තිය පාලනය කිරීම. යන විෂයන් පිළිබද දැනුවත් කරන ලදී.

විංග් කමාණ්ඩර් එම්.පීඑස්. මානප්පෙරුම මෙම කණ්ඩායමට අණදෙන අතර බලඝණ නායක එල්.ඩී.ආර් ගුණවර්ධන  සහ සෙසු නිලයන් 42 දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විතය.





EVENTS
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved