இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය හයවන සංවත්සරය සමරයි

Published on: 2015-11-13 17:52:54
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය හයවන සංවත්සරය සමරයි
රත්මලාන  ගුවන් හමුදා කඳවුරු රෝහලේ හයවන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරන ලදී. එහිදී සංවත්සරය සමරමින් යශෝධරාදේවී බාලිකා නිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සහ වෛද්‍ය සායනයක් නොවැම්බර් මස 6 වන දින පවත්වන ලදි. ඒ සමගාමීව සුබෝධී මහලු නිවාසයට දානමය පිංකමක්ද සිදු කරන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී සංවත්සර පෙළපාලිය නොවැම්බර් මස 11 වන දින උදෑසන රොහල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පීඒවී පද්මපෙරුම ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

සුහද ක‍්‍රිකට් තරඟයක් රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ අතර රෝහල් විනෝද කටයුතු ඒකකය මගින් සුහද හමුවක් රත්මලාන කඳවුරු ක‍්‍රිඩාංගනයේදී එදින සවස පවත්වන ලදී.

රත්මලාන කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඞීකේටී ජයසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ එයාර් ගෲප් කැප්ටන් එල් ආර් ජයවීර විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභෘගී විය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පක්‍ෂාංග අණදෙන නිළධාරීන් අංශභාර බලලත් නිළධාරීන්, සෙසු නිලයන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

 
நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை