இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි

Published on: 2017-06-12 13:42:08
පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි
පාකිස්තානු  නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් මොහොමඩ් සකාවුල්ලා මහතා 2017 ජුනි මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

ආරක්‍ෂක ප‍්‍රධානීන් දෙදෙනා අතර ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු පිළිබදව සාකච්ජා සිදු කල අතර මෙම අවස්ථාව සනිටුවහන් කිරීම සදහා දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් හා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை