இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

අංක 07 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 78 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි

Published on: 2019-07-10 12:43:05
අංක 07 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 78 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 07 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 78 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය කිරීම 2019 ජූලි මස 05 වන දින පරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂ පිරිස් එයාර් කොමර්ඩෝ සීඑච්ආර් සොයිසාගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ත‍්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ හඬ අධ්‍යයන හා කළමනාකරණ දැනුම ලබා දීම සහ නායකත්ව ගුණාංග වැඩිදියිණු කිරීම මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වෙයි.පාඨමාලාව සති 11 ක පමණ කාලයක් පුරා පවත්වන ලදී. මෙම පාඨමාලාවන් ද්විත්වයම රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පවත්වන ලද අතර පාඨමාලාව අවසානයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමනාකරණ සහතික පත‍්‍රයක් ප‍්‍රදානය කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 27 දෙනෙකු කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 53 දෙනෙකු ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ එක් ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීවරයෙකු සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකු ගෙන් මෙම පාඨමාලාවන් සමන්විත විය. මෙහිදී 83 දෙනෙකු හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

අංක 07 ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා වශයෙන් කෝප‍්‍රල් මකුබුරගේ බිඩි සම්මාන හිමිකර ගත් අතර අංක 78 සිංහල මාධ්‍ය පාඨමාලාවේ සැරයන් ගුණවර්ධන ඩීඒඩිකේසි සහ කෝප‍්‍රල් මධුෂාණි පීකේආර්  පිළිවෙලින් සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ලෙස සම්මාන දිනා ගන්නා ලදී.


join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை