இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

  HISTORY OF SRI LANKA AIR FORCE

  1. ආරම්භය

    1951 මාර්තු 2 වන දින එක්සත් රාජධානියේ මහ රජ්ජුරුවන් විසින් රාජකීයගුවන් හමුදාව රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස නම් කිරීමට අවසර දෙන ලදි. ආරම්භයේ දී ලංකා ගුවන් හමුදාව සතුව කිසිදු ගුවන් යානයක් නොතිබිණ.

    පළමු  චිප්මන්ක් යානා 4 සහ පසුව  Oxford හා Balliol   ගුවන් යානා ලගා වනතුරු මුල දී බඳවා ගන්නා ආධුනික නියමුවන් හට දින චර්යාවට සරඹ සහ ශාරිරික අභ්‍යාස කිරීමට සිදු වියග අවතුරුව ආධුනික ගුවන් නියමුවන් පුහුණු කිරිමට Oxford නමැති ගුවන් යානා වර්ගය ලංකාවට 1951ද' ලගා විය

  2. සුළඟේ වෙනස් වීම

    ඔහුගේ අණ ක්‍රියාත්මක වි මාස 3කට පසු, එවකට ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අගමැති ධූරය හෙබවූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පැමිණ හමුවන ලෙස අණදෙන නිලධාරී මෙන්ඩිස් මහතා හට පණිවුඩ ලැබිණි. එහි පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාවේ දකුණින් පැන නගින කැරැල්ල මර්ථනය කිරීමයි. ශ්‍රී ලංකාව තුල මුහුණ දිමට සිදුවූ ප්‍රථම බරපතල සිද්ධිය මෙය විය.

  3. වයසට එලඹෙමින්

    1987 වර්ෂයේදී වයි 12 ගුවන් යානා හතරක්ද වයි 8 වර්ගයේ ගුවන් යානා දෙකක්ද අන්ටනෝ 12 වර්ගයේද ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගෙන්වන ලදී.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වයි 8 වර්ගෙය් ගුවන් යානා පළමු වරට ගෙන් වූ අතර එම ගුවන් යානාවක මගීන් 150 දෙනෙකු රැගෙන යාමේ හැකියාවක් ඇත. තවද සමතලා තණ භූමියක පවා ගොඩ බැස්වීමට හා නැංවීමට හැකි වයි 12 වර්ගයේද ගුවන් යානාවන් සතු හැකියාවකි

  4. කෆීර් සහ යූඒවී

    1997 වර්ෂය වන විට ගුවන් මෙහෙයුම් සඳහා ගුවන් යානා  පැය 20,000 වඩා පියාසර කර තිබුනි. ඒ වන විට ගුවන් පැය 21,895 වශෙයන් ගුවන් පැය සටන්ව තිබූ අතර ගුවන් යානා නවයක් අහාමිව තිබුනී.

    ජයසිකුරු මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරුණ භාරදූර කටයුත්තක් වය. මෙම මෙහෙයුමත් සමඟම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානාමගින් සිදු කළ මෙහෙයුම් ගණන වැඩි විය. එනම් කෆීර් මගින් මෙහෙයුම් 232 ක් හා එම් අයි 24 හෙලිකොප්ටර්  මගින් මෙහෙයුම් 127ක් වශයෙන් සිදු කර තිබිණි.

    අංක 111 යූ ඒ වී  බලඝණය මගින් මානුෂීය මෙහෙයුම් වලදී ඉහල අහසේ පියාසර කරමින් ඉදිරි ආරක්ෂක වලල්ල සදහා තොරතුරු ලබා දෙමින් විශාල කාර්ය්‍යක් සිදු කරන ලදී.

  5. නව සාමයක් හා යුගයක්

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා මගින් මානුෂීය මෙහෙයුමේදී සිදු කළ කාර්ය්‍ය භාරය අති වීශාල විය. එම් අයි 24 හෙලිකොප්ටර් යානා මගින් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සතුරු බලය අඩපණ කළ අතර ප්‍රවාහණ හෙලිකොප්ටර් යොදා ගනිමින් යුධ භූමියේ තුවාල කරුවන් පුවාහණය කිරීමට මහත් දායකත්වයක් දැක් විය.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යූ ඒ වී ගුවන් යානා යොදා ගනිමින් යුධ භුමියේ අණ දෙන්නන් හට නිවැරදි ඉලක්කයන් පෙන්වා දෙමින් යුද්ධය සඳහා දැක්වූ දායකත්වය අති විශාලය

    කෙටි කාලයක් තුලදී සතුරන් විසින් ස්ථාපිතව කර තිබූ සතුරු ඉලක්කයන් විනාශ කර දමමින් සතුරන් යුද්ධය සඳහා ගුවන් යානා ආරක්ෂක පද්ධතිය දැක්වූයේ විශාල මෙහෙයකි.

வி 5.0© 2015 இலங்கை விமானப்படையின் தகவல் தொ