කොස් තවාන් පිහිටුවීම සහ නඩත්තු කිරීම

දැනට දිවයින පුරා පිහිටි ගුවන් හමුදා ආයතනවල කොස් පැළ 75,000කට වඩා තිබේ.

කොස් ආශ්‍රිත ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම

ශ්‍රී ලංකාවේ කොස් ආශ්‍රිත ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගේ විවිධ මට්ටම් කරා ළඟාවීම සඳහා විද්‍යුත් සහ වෙනත් ක්‍රම ඔස්සේ අධ්‍යාපනික සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

දැනුවත් කිරීමේ ව්‍යාපාරය

කොස් නිෂ්පාදන හා සෞඛ්‍ය ප්‍රතිලාභ සම්බන්ධ ස්වයං රැකියා ඇති කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සාමාන්‍ය ජනතාව අතර සිදු කෙරේ.

කොස් පැළ බෙදාහැරීම සහ සිටුවීම

කොස් පැළ සිටුවීමේ ව්‍යාපාරයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සහ ක්‍රියාකාරී සමාජ කණ්ඩායම් සම්බන්ධ කෙරේ. ප්‍රාදේශීය සම්බන්ධීකරණය ශ්‍රී ලංකා ගුවන් හමුදා ආයතනය විසින් රට පුරා සිදු කරනු ලැබේ.