දරුවන් සදහා උපදේශණ හා නායකත්ව පුහුණු වැඩමුළුවක්
7:51am on Tuesday 16th April 2013
ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි වසන්තා ප්‍රනාන්දු මැතිණියගේ මග පෙන්වීම යටතේ වයස අවුරුදු 13-18 කුඩා දරුවන් උදෙසා උපදේශණ හා නායකත්ව පුහුණු වැඩමුලුවක් පසුගියදා ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පැවැත් විණ.

අනාගත අභියෝග සදහා මුහුණ දීමට අධ්‍යාපනයේ උපරිමයට ලගාවීමට අද්‍යත්මික හා දනාත්මක සිතුවිලි වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුන විය.තවද මෙමගින් නායකත්ව හා පෞර්ෂ වර්ධනය පිලිබදව ද දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාව සදහා 55 අදික දරුවන් සංඛ්‍යාවක් සහභාගි වූ අතර මෙම වැඩසටහන බස්නාහිර පළාත් මනෝවිධ්‍යාත්මක සමාජ අන්තර්ක්‍රියා උපදේශණ සම්පත් මධ්අස්ථානයේ නියෝජ්‍ය කලමණාකාර කේ.ආර් ලක්ෂ්මන් මහතා විසින් මෙහෙයවන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ඩී.එම්.එස් කරුණාරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කේ.එෆ්.ආර් ප්‍රනාන්දු හා එම මැතිණිය, නිලන්ති හේවාවසම් මහත්මිය හා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකයේ අංශභාර නිලධාරි විංග් කමාන්ඩර් පතිරන යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි