සරඹ හා අවි පුහුණු උපදේශකය්න් විසිර යයි
3:40pm on Wednesday 17th April 2013
අංක 33 සරඹ පුහුණු උපදේක පාඨමාලාවේ සරඹ උපදේශකයින් 15 හා අංක 42 අවි පුහුණු උපදේශකයින්ගේ පුහුණු පාඨමාලාවේ උපදේශකයින් 51 සාර්ථකව පාඨමලාව නිම කරමින් ගුවන් හමුදා දියතලාව කදවුරේදී පසුගියදා විසිර ගියහ.මේ අවස්ථාව සදහා ගුවන් හමුදා දියතලාව කදවුරු වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එස්.පී.වී.කේ සේනාධීර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

මෙහිදී දක්ෂතම සරඹ පුහුණු උපදේශක ලෙස 25781 කෝප්‍රල් ප්‍රියන්ත එච්.ජී.එස් හා 30583 කෝප්‍රල් ධර්මසූරිය ඩබ්.ටී.සී දක්ෂතම අවි පුහුණු උපදේශක ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

සරඹ හා අවි පුහුණු උපදේශක පාඨමාලාවන්හි බළලත් නිලධාරින් ලෙස බලපන්ති සැරයන් නන්දසේන ඒ.කේ හා බලපන්ති සැරයන් ගුණරත්න කේ.පී.එම්.වී කටයුතු කරන ලදී.ස්කොඩ්‍රන් ලීඩර් මංජුල විcක්‍රමාඅරච්චි පාඨමාලාව භාර නිලධාරි වරයා ලෙස කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි