විශ්‍රමික ගුවන් කාන්තාවකට නව නිවසක් තන ප්‍රධානය කෙරේ
10:31am on Saturday 4th May 2013
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය , ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක කාර්යාලය හා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක කාර්යාලය එකට එක්ව විශ්‍රාමික ගුවන් කාන්තා සැරයන් වාසනා කුමාරි හට නිවසක් තනා ප්‍රධානය කිරීමේ උත්සවයක් 2013 මැයි මස 03 වන දින ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.

මෙම නිවස තැනීමට අදාල භූමී ප්‍රමාණය ජාතික නිවාස සංවර්දන අධිකාරිය විසින් පරිත්‍ය කල අතර, මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණිය, ගුවන් හමුදා රත්මලාන කදවුරු අනදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය හා ගුවන් හමුදා සේවා වනිතා ඒකක්යේ නිලධාරින්ද මේ අවස්ථාවට එක් විය.




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි