මොරවැව සිංහල විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ප්‍රධානය කෙරේ
11:08am on Tuesday 14th May 2013
රුසියාවේ ශ්‍රී ලංකා තානාදිපති උදයංග වීරතුංග මහතාගේ ආරාධනාවකට අනුව රුසියානු ජනතාවගෙ නොමද දන පරිත්‍යාගයෙන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මොරවැව සිංහල විද්‍යාලයේ ඉදිකල "මොස්කවු මිත්‍රත්ව ගොඩනැගිල්ල" 2013 මැයි මස 13 වන දින රුසියාවේ ශ්‍රී ලංකා තානාදිපති උදයංග වීරතුංග මහතා විසින් එම පාසලට ගොඩනැගිල්ල පවරා දෙනු ලැබීය.

එම ගොඩනැගිල්ල පන්ති කාමර දෙකකින් යුක්ත වන අතර මෙය 2012 සැප්තැම්බර් මස රුසියාවේ ශ්‍රී ලංකා තානාදිපති කාර්යාලයේ ආරක්ෂක අංශයේ ගෲප් කැප්ටන් ආර්.ඒ.යූ.පී රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරනයෙන් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

රුසියාවේ ශ්‍රී ලංකා තානාදිපති උදයංග වීරතුංග මහතා හා එම මැතිණිය, ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිලදාරී විංග් කමාණ්ඩර් එච්.ඩබ්.එස් චන්දිම,මොරවැව සිංහල විද්‍යාලයේ විදුහල්පති විජේරත්න බන්ඩාර මහතා, මොරවැව පොලිස් ස්ථානාධිපති ධම්මික විජේසිංහ මහතා, ගුවන් හමුදා සේවා පුද්ගලයින්,ගුරුවරුන්,දෙමාපියන් හා සිසු දරුවන් මේ අවස්ථාවට එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි