ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිරිතදිග මුහුදේ මුදවාගැනීමේ මෙහයුම් සිදුකරයි
2:22pm on Tuesday 11th June 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ මග පෙන්වීම හා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ  වයි 12 වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් අනතුරට පත් වූ ධීවරයින් සොයා 2013 ජුනි මස 08  වන දින උදෑසන රත්මලාන සිට බලපිටිය දක්වා මුහුදු තීරය නිරීක්ෂණයට ලක් කරන ලදී. තවද බෙල් 412 වර්ගයේ හාලිකොප්ටරයක් යොදා ගනිමින් රත්මලාන සිට කොල්ලුපිටිය දක්වා මුහුදු තීරයයෙහි අනතුරට පත් වූවන් නිරීක්ෂණ හා මුදවා ගැනීම් කරන ලදී. බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ගනිමින් සිදු කළ මෙහෙයුමකින් එක් බෝට්ටුවක් සහිත මිනිසුන් පස් දෙනෙක් බේරැවල මුහුදු තීරයේදී නිරීක්ෂණයට හසු විය.

බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යොදවා රත්මලාන සිට කොල්ලුපිටිය දක්වා 2013 ජුනි මස 08  වන දින උදෑසන සිදු කළ මුදවා ගැනීමේ මෙහෙයුම් මගින් ධීවරයින් දෙදෙනෙකු දෙවතාවකදී බේරා ගැනීමට හැකි වූ අතර එම බේරා ගත් ධීවරයින් ගාලු මුවදොර පිටියට රැගෙන එන ලදී.

දෙවන බෙල් 412 ගුවන් යානය ඔරුව පෙරලීම නිසා බේරුවල මුහුදේ ගිලෙමින් සිටි ධීවරයෙකුගේ ජීවිතය ගලවා ගන්නා ලදී. මෙම පුද්ගලයා පී1 වර්ගීකරණයේ රොගියෙක් වශයෙන් ගුවන්  මගින් නාගොඩ රෝහල වෙත රැගෙන යන ලදී. තවත් ධීවරයින් පිරිසක් හෙලිකොප්ටර් හා කඹ ආධාරයෙන් ගොඩබිම වෙත රැගෙන එන ආකාරය සියළු දෙනාට දැක ගත හැකි විය.

උදෑසන සිට සවස් වන තුරු අයහපත් කාලගුණීක තත්වයන් යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 ගුවන් යානා යොදා ගනිමින් අනතුරට පත් වූවන් මුදවා ගැනීම උදෙසා පියාසර කරමින් අනතුරට පත් වූවන්ගේ ජීවිත ගලවා ගත් අතර රාත්‍රී 0700 පැයට බෙල් 412 ගුවන් යානයක් මගින් එන් කේ ආනන්ද යන ධීවරයා බලපිටිය ප්‍රදේශයේ ඉඳුරුව මොයේදී බේරා ගන්නා ලද අතර පසුව එම පුද්ගලයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද කඳවුර වෙත ගුවන් මගින් රැගෙන ගොස් නාගොඩ රෝහල වෙත යවන ලදී.



බම්බලපිටිය මුහුදේ මුදවා ගැනීම්



බේරුවල මුහුදේ මුදවා ගැනීම්




ඉඳුරුව මුහුදේ මුදවා ගැනීම්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි