ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නාගුභ තුෂානි පෙරේරා රණවිරු රියල් ස්ටාර් අවසාන වටයෙන් ජයග්‍රහණය කරන ලදී
4:43am on Monday 29th July 2013
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති රණවිරු රියල් ස්ටාර් තුන්වන තරඟයේ අවසාන වටයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදවේ නායක ගුවන් කාන්තා තුෂානි පෙරේරා සමත් විය. ආරක්ෂක හනොගරික සංවර්ධ අධිකාරියේ ලේඛම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අණුව ත්‍රිවිධ හමුදා විරුවන්ගේ ගායන කුසලතා  ඔපනැංවීම සඳහා “රණවිරු රියල් ස්ටාර්“ ආරම්භ කරන ලදී.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, සේනාධිනායක අතිගරු මහින්ද රාජපක්ෂ මැති තුමා සහභාගී වූ අතර එම අවස්ථාව සඳහා ගරු ශිරන්ති රාජපක්ෂ මැතිණියද සහභාගී වන ලදී.


මෙම උත්සවය ආරම්භක අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් විසින් අංගම්පොර සංදර්ශණයක්ද පැවැත් වූ අතර එහි පුහුණුකරු වූයේ කොරතොට අංගම්පොර රණපිල අජන්ත මහන්තාරච්චිය. ඔහු විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින් සඳහා පසුගිය වසරේ සිට පුහුණු කරවීම ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම දුඹුරු පැහැයෙන් සැරසී සිටිය අතර එහි සිටිනුයේ  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ බලකාය සාමාජිකයින්ය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කළු පැහැයෙන්ද ශ්‍රී ලංකා නාවික හමුදාව සුදු පැහැයෙන් ද සැරසී මෙම අංගම්පොර අව්ස්ථාවට සහභාගී වන ලදී.

මෙහි විනිශචය මන්ඩලය සඳහා ශ්‍රී ලංකාවේ සංගීත හා රූපවාහිනී යන අංගයන්හි කීර්තිමත් හා විශාරද විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූහ. එනම් ක්‍රීර්තිමත් නළු ජැක්සන් ඇන්තනී, කීර්තිමත් ගායක විශාරද එඩ්වර්ඩ් ජයකොඩි හා කීර්තිමත් නිළි යසෝධා විමලධර්ම යන අයයි.  මෙහිදී සියයට හැටක ලකුණු ප්‍රති ශතයක් විනිහ්චය මන්ඩලය විසින් ලබා දුන් අතර ඉති සියයට හතගිහක ලකුණු ප්‍රතිශතය එස් එම් එස් මගින් ලබා ගෙන ගණනය කරනු ලබයි.



අවසාන වටය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන හමුදාවෙන් තරඟ කරුවන් තරඟ වැදුනු අතර එයින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තුෂානි පෙරේරා ප්‍රථම ස්ථානය ලබා ජයග්‍රහණය කරන ලදී.



මෙම ජයගුහණය සඳහා රුපියල් මිලියන 20ක් වටිනා සුඛෝපභෝගී නිවසක් ප්‍රථම ත්‍යාගය වශයෙන් ලැබුනු අතර එම නිවසෙහි යතුර ජනාධිපති ආර්ය්‍යා ගරු  ශිරන්ති රාජපක්ෂ මැතිනිය අතින් ලබා ගන්නා ලදී.  දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් නදීෂ් සුරංග විසින් විසින් ලබා ගත් අතර ඒ සඳහා ඔහු හට රුපියල් මිලයන 6.7 කි වටිනා ටොයෝටා යරිෂ් වර්ගේ කාරයක් සමඟ රුපියල් මිලියනයක මුදල් ත්‍යාගද සමරු ඵලකය සමඟ හිමි විය. තුන්වන ස්ථානය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් චමින්ද කුරාර රාජපක්ෂ තේරී පත් වුනු අතර ඒ සඳහා ඔහුට සමරු ඵලකයක් සමඟ රුපියල් මිලියන 2ක මුදල් ත්‍යාගද හිමි විය. තෙවන හා සිව්වන ස්ථාන පිලිවලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල් මනෝජ් ප්‍රසන්න හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධනුක රණසිංහ විසින් ලබා ගත් අතර ඒ් අය සඳහා රුපියල් ලක්ෂ පහ බැගින් මුදල් ත්‍යාග හා අඟලු 32 රූපවාහිනී ඩයෙලාග් සම්බන්ධතා සමඟ ලබා දුන් අතර සමරු ඵලකද ප්‍රධානය කරන ලදී.



ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහාතා හා එම මැතිනිය වන නීලිකා අබේවික්‍රම මහත්මිය එම අවස්ථාවේදී සුභ පැතූ අතර නායක ගුවන් කාන්තා තුෂානි පෙරේරාගේ දෙම්පියන් සමඟද කථා කරන ලදී.



මේ සඳහා සහභාගී වූ අනෙකුත් අමුත්තන් වනුයේ ගරු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා එම මැතිණිය, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා එම මැතිණිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය යන අයයි. තවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් ඩබ්ලිව් ඩී ආර් එම් ජේ ගුණතිලක මහතා , නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, යුද්ධ හමුදාධපතිතුමා නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දයා රත්නායක සහභාගී වන ලදී. ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය උපදේශක ලක්ෂ්මන් හුළුගල්ල මහතා හා ත්‍රිවිධ හමුදාවේ ජේෂඨ නිලධාරීන් රැසක් සහභාගී වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි