අන්තර් ඒකක රග්බි තරඟ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලානට
5:40pm on Wednesday 21st August 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරඟාවලියෙහි අවසාන තරඟය 2013 අගෝස්තු මස 16 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන කඳවුරෙහි පැවුත්වූ අතර ඒ සඳහා විවිධ ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් රග්බි කණ්ඩායම් 15ක් පමණ සහභාගී වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ අතර අවසාන තරඟය පවත්වන ලදී.



තරඟයේ පළමු භාගයේදී ප්‍රති පිලට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරෙහි ළකුණු 8-0 වශයෙන් සටහන් වුනු අතර ඒහිදී ෆ්ලයිට් ලෙෆ්ටිනන් චාතිම දයාරත්න ට්‍රයි එකක් හා නායක ගුවන් භට ලක්ෂාන් දඬුවම් පහරක් ලබා ගන්නා ලදී. අවසානයේදී ලකුණු 15-10ක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන කඳවුර ජයග්‍රහණය කරන ලදී.



මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රග්බි සභාපති එයාර් කොමඩෝර් ඩබ්ලිව් එල් ආර් පී රොඩ්රිගෝ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ අණ දෙන නිලධාරී එයාර් කොමඩෝර් පී ඩී කේ ටී ජයසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී ජේ සී වීරකෝන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ නිලධාරී හා සෙසු නිළයන් මේ සඳහා සහභාගී විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි