“ගුවන් ප්‍රතිභා ප්‍රභා 2013” ශ්‍රී ලංකා ගුවන් හමුදා වැඩසටහන
4:25pm on Wednesday 28th August 2013
“ගුවන් ප්‍රතිභා ප්‍රභා” ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ගේ කුෂලතා ඔපනැංවීමේ  වැඩසටහනක් කොළඹ බිෂොප් කොලේජ්හිදී 2013 අගෝස්තු මස 27 වන දින සවස සාර්ථකව පවත්වන ලදී.



ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික්‍රම මහත්මියගේ සංකල්පයකට අණුව 2011 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ අතර එහි පරමාර්ථය වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ගේ දක්ෂතාවයන් ඔප්නැංවීම සඳහා පවත්වනු ලබන අතර ඒ සඳහා ගායනය, නර්ථනය හා රංගනය යන අංග මෙම තරඟයට ඇතුලත් වේ. පසුගිය මාස තුනක් පුරා පැවති මෙම තරඟය සඳහා කඳවුරු මට්ටමින් තරඟ කරුවන් තෝරා ගන්නා ලදී.



මෙම තරඟයේ ගායනයන් විනිෂ්චය කිරීම සදහා සංගීත වෘත්තීයවේදීන් වන දයාන් විතාරණ මහතා හා ඉන්දිකා උපමාලි මහත්මිය සහභාගී වූ අතර ස්වර හැකියාවන් පිළිබඳ විනිෂ්චය සඳහා ලලිත් පොන්නම්පෙරුම මහතා සහභාගී විය. කෙවීන් නුගේරා මහතා, චන්දිම සිරිවර්ධන මහතා හා ජේඩ් ජිගෙන්ස් මහත්මිය නර්ථන  අංශය විනිෂ්චය කළ අතර රංගන අංශයෙහි අවසාන තරඟයන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක කඳවුරේදී 2013 ජූලි මස 25 වන දින පැවත්වූ අතර එය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවීන නිළි මැණිකේ අත්තනායක මහත්මිය,  ජනප්‍රිය නළුවන් වන සනත් විමලසිරි සහ  සහන් රන්වල යන මහත්වරුන් සහභාගී වන ලදී.



මෙම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා හා එම මැතිණිය වන මන්ජුලිකා ජයසූරිය මහත්මියද සහභාගී වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික්‍රම මහත්විය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන මාන්ඩලික නිලධාරී එයාර් වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක මන්ඩලයේ නිළධාරීන් හා එම පවුල්වල සාමාජිකයන්ද මෙම අවස්ථාවට සහභාගී වන ලදී. තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන්, සෙසු නිළයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද සහභාගී වන ලදී.



නර්ථන තරඟ ජයගාහකයින්
පළමු ස්ථානය             ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය “ගුරු ගෝල“
දෙවන ස්ථානය           ශ්‍රී  ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක “අන්දෝරිස්ගේ මනමාලී“
තුන් වන ස්ථානය       ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර වව්නියාව “එලයන්මන්ට් යකා“



හොඳම නළුවා             ඔෆිසර් කැඩෙට් අසංග ඩී වයි              ශ්‍රි ලං ගු හ විද්‍යාපීඨය චීන වරාය
හොඳම නිළිය              ගුවන් කාන්තා කුමාරිහාමි ඩී කේ         ශ්‍රී ලං ගු හ වෘ පු පා ඒකළ



යුගල නර්ථන ජයග්‍රාහකයින්
පළමු        ෆ්ලයිං ඔෆිසර් ජී වී ජෝශප්, සහයක ජෝසප් මහත්මිය  -           ශ්‍රී ලං ගු හ කටුනායක
දෙවන     ෆ්ලයිට් ලෙෆ්ටිනන් ආර් වී රණවීර, සහයක ෆ්ලයිං ඔෆිසර් ඒ එල් එම් ඒ ලියනාරච්චි       ශ්‍රී ලං ගුහ කඳවුර රත්මලාන
තුන්වන   විං කමාන්ඩර් එස් එන් එස් එන් ඩයස් , සහයක ස්කෝඩ්‍රන් ලීඩර් එම් එල් එන් දිශාන්ත  ශ්‍රී ලං ගු හ කොළඹ
හතරවන     ඔෆිසර් කැඩෙට් ඩි දිල්වා එන් එච්, සහායක ඔෆිසර් කැඩෙට් ඇරැව්වල ඒ එම් එල් ශ්‍රී ලං ගු හ විද්‍යාපීඨය චීනවරාය
පස් වන    නාගුභ අජිත් කුමාර අයි පී එන්, සහායක නාගුකා ධනසේකර කේ ඩී එම් අයි එම්            ශ්‍රී ලං ගු හ කඳවුර කටුනායක



ගායනය ජයග්‍රාහකයින්
පළමු    නා ගු භ වීරසේකර ඩබ් එම් එන් පී        ශ්‍රී ලං ගුහ කඳවුර කටුනායක
දෙවන නා ගු භ    ජිත් කුමාර අයි ජී එන්            ශ්‍රී ලං ගු හ කඳවුර හිඟුරක්ගොඩ
තෙවන නා ගු භ මධුරංග ටී ඩබ් ඩී පී                  ශ්‍රී ලං ගු හ විද්‍යාපීඨය චීනවරාය
සිව්වන නා ගු භ තිලකසිරි එස් එන් සී                ශ්‍රී ලං ගු හ වෘ පු පා ඒකල
පස්වන සැරයන්  ප්‍රියදර්ශණ එච් ඩී එන් සී         ශ්‍රී ලං ගු හ දියතලාව




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි