රූපලාවන්‍ය වැඩමුළුවක් හා පුද්ගලික හැකියාවන් සංවර්ධනය කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලං ගුහ දියතලාවේදී
12:01pm on Wednesday 4th September 2013
රූපලාවන්‍ය වැඩමුළුවක් හා පුද්ගලික හැකියාවන් සංවර්ධනය කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව කඳවුරේදී පවත්වන ලදී.

මෙම අංගයේ සම්බන්ධිකරනය කරනු ලැබූයේ සථාන සේවා වනිතා අංශයේ සභාපතිනී ශානිකා ප්‍රනාන්දු මහත්මිය ඩ්‍රීමිරන් කොස්මෙටික්ස් සමාගම හා එක්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව කඳවුරේ රැස්වීම් ශාලාවේදී පවත්වන ලද අතර අවශ්‍ය පහසුකම්  ජී පී ජී ඩි සිල්වා මහත්මිය විසින් සපයන ලදී.

මෙම අවස්ථාව සඳහා ෆේෂල්, හෙයා අයනින්, මසාජ් යන අංගයන් තුන්සියයකට අධික ප්‍රමාණයක් අඩංගු වූ අතර  අවසාන වශයෙන් අංශ භාර නිලධාරී වන  ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඩී එල් එස් සී ලියනගේ විසින් ස්තූති කථාව පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් ඩබ්ලිව් ඩබ්ලිව් පී ඩී ප්‍රනාන්දු, ශ්‍රී ලංක ගුවන් හමුදාව දියතලාව කඳවුරේ සේවා වනිතා ඒකකයේ ඒකකයේ සභාපතිනී ශානිකා ප්‍රනාන්දු මහත්මිය, නිලධාරී අණදෙන පුහුණු විං කමාන්ඩර් එස් පී වී කේ සේනාධීර හා නිළධාරීන් සෙසු නිළයන්, ඔවන්ගේ පවුලේ සාමාජිකයින් හා සිවිල්  කාර්ය්‍ය මන්ඩල සාමාජිකයින්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි