ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් විරුවන් හට නිර්භීත පදක්කම් ප්‍රදානය කෙරේ
12:04pm on Wednesday 4th September 2013
2009 මැයි මසට පෙර පැවති මානුෂීය මෙහෙයුමේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් විරුවන් 148 දෙනෙකු සඳහා පදක්කම් ප්‍රධානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැති තුමාගේ ප්‍රධානත්වයෙන් 2013 අගෝස්තු මස 29 වන දින සවස ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවනාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

යුද්ධයේදී මිය ගිය විරුවන් සිහි කිරීම උදෙසා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයකින් අනතුරුව ආරම්භ කරන ලද මෙම උත්සවයේදී තුන් දෙනෙකු සඳහා “වීර වික්‍රම විභූෂණය“ (WWV), විසි නව දෙනෙකු සඳහා “රණවික්‍රම පදක්කම“ (RWP) සහ එකසිය දහසය දෙනෙකෙු සඳහා “රණ ශූර පදක්කම“ (RSP) පදක්කමද ප්‍රදානය කරන ලදී.

උතුරු හා නැගෙනහිර සිදු කරනු ලැබූ මානුෂීය මෙහෙයුම් වලදී පුද්ගලිකව දක්වන දක්ෂාවයන් සඳහා මෙම පදක්කම් ප්‍රධානය සිදු කරනු ලැබූ අතර එහි පළම අදියරය 2013 මැයි මස 18 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමාගේ ප්‍රධානලත්වයෙන් අරලියගහ මන්දිරයේදී පවත්වන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගී වූ අතර ප්‍රධන මාණ්ඩලික නිලධාරී එයාර් වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදා පරිපාලන නිලධාරීන් හා ජේෂ්ඨ නිලයන් හා ඒ අයගේ පවුල්වල සාමාජිකයින්, සෙසු නිලයන් හා ඔව්න්ගේ පව්ල්වල සාමාජිකයින් දිවි පිදී රණවිරු පව්ල්වල සාමාජිකයින් සහභාගී වන ලදී.

පුද්ගල ලැයිස්තුව





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි